පොදු අවකාශ හකුළුවන ආශ්චර්යය

Monday, 15 June 2015 09:52

නවීන උද්‍යාන සහ සාප්පු සංකීර්ණ, ව්‍යායාම් කිරීමට උද්‍යාන සහ ඇවිදීමට මං මාවත්, කැට ඇල්ලූ පදික වේදිකා සහ විඩා නිවීමට වූ බංකු කොළඹ නගරයේ භූමි දර්ශනය වෙනස් කරමින් පවතී. මේ වෙනස්කම්වලට මූලික හේතුව වූයේ යුද්ධය අවසාන වීමත් සමග කොළඹ නගරය විදේශීය ආයෝජකයන්ට ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කිරීම සදහා වූ රජයේ වැඩපිළිවෙළයි.

ශ්‍රී ලංකාවේ ආසියානු ප්‍රතිරූපය ඉක්මවා යන ආකාරයේ ලෝකයේ හොඳම යැයි හැඳින්වෙන වෙළෙඳ නාම සහිත සාප්පු සංකීර්ණ ඇතුළත් විශිෂ්ට අති සුඛෝපභෝගී අති නවීන නගරයක් ගොඩනැංවීම සඳහා වූ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම (2011 වර්ෂයේදී සුජාතා ජයවර්ධන අනුස්මරණ දේශනයේදී ප්‍රකාශ කළ ආකාරයට) මෙම වෙනස්වීම්වල ඇතුළත කතාවයි. නිදහසේ ඇවිදීම, ආතතිය මග හැරීම සහ ප්‍රජාවක් ලෙස කාලය ගත කිරීම වැනි ක්‍රියාකාරකම් සඳහා පොදු ස්ථාන පවතින වටපිටාවක් තුළ සැබවින්ම, නගර වැසියන් ඉහළ ශාරීරික සහ මානසික සුභ සිද්ධියක් අත් විඳීමට පෙළඹේ.

සාප්පු සංකීර්ණයක් හෝ, මංමාවත් හෝ වීදි හෝ, උද්‍යානයක් හෝ ක්‍රීඩාපිටියක් හෝ වේවා එය යහපත් විවෘත අවකාශයක් බවට පත් වන්නේ කුමන සාධක මතද? ශක්තිමත් ප්‍රජාවක් ඇති කිරීම විග්‍රහ කරන පොදු අවකාශය පිළිබද වූ අධ්‍යයනයක් මගින් යෝජනා කරන ආකාරයට ජනප්‍රිය පොදු අවකාශයන් යනු නිදහස්, පහසුවෙන් ළඟා විය හැකි, පෞද්ගලික ප්‍රවාහනයට සීමා නැති සහ විවිධ ප්‍රජාවන් ගෙන් නිතරම ගහණය වී පවතින පුළුල් අර්ථයෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයි.

එමෙන්ම යහපත් පොදු අවකාශයක් ආබාධිත පුද්ගලයන් සඳහා විශ්වසනීය ඉඩකඩක් සපයන අතර, ප්‍රමාණවත් ආලෝකය, ආරක්ෂක වැට සහ වෙනත් අංගයන් ඇතුළත් කිරීම මගින් කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාවද තහවුරු කරයි. හිඳ ගැනීමට ස්ථාන, වැසිකිළි සහ විධිමත් කසල බැහැර කිරීමේ වැඩපිළිවෙළ මගින් සුවපහසු සහ සනීපාරක්ෂක වටපිටාවක් සපයනු ලබයි. තවද, සාර්ථක පොදු අවකාශයක් ස්ථානයක් නැවත නැවත පැමිණීම සඳහා පුද්ගලයන්ව පොළඹවන අතර එකම ක්‍රියාකාරකමක් සඳහා බල කරන්නේ නැත.

බාහිර බලපෑම්වලින් තොර එවැනි පොදු අවකාශයන් තුළ නිදහසේ කතා බහ කිරීමට, ක්‍රීඩා කිරීමට, පොතපත කියවීමට හෝ නිදහසේ වැතිරී සිතුවිළි තුළ සැඟවීමට පුද්ගලයන්ට ඉඩ ලැබේ. ඒ හැමටම වඩා, යහපත් පොදු අවකාශයක් අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් සහ සමාජ ව්‍යුහය හරහා බැඳෙන පුද්ගල සම්බන්ධතා සාදරයෙන් පිළිගනී.

ගල්කිස්ස වෙරළ තීරය එවැනි බොහෝ දෙනකු විසින් භාවිත කරන ප්‍රාණවත් පොදු අවකාශයක් බව මෑතක දී කළ අධ්‍යයනයකදී හෙළි විය. මෙම වෙරළ තීරය, අවට පදිංචිකරුවන්ට මෙන්ම පිටතින් පැමිණෙන පුද්ගලයන්ටද පුළුල් ප්‍රවේශයක් සපයයි. ඉතා සිත් ඇදගන්නා සුළු මෙම වෙරළ තීරය ජනතාවට වැල්ලේ දුව පැන ඇවිදීමට, මුහුදු රැල්ලේ ආස්වාද විඳීමට මෙන්ම බැසයන හිරුගේ සුන්දරත්වය නැරඹීමටද ඉඩකඩ සලසයි.

මෙම මුහුදු තීරය ජනප්‍රිය පොදු අවකාශයක් බවට පත් කිරීම සඳහා මෙම ප්‍රජා විවිධත්ව සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරයි. කුඩා දරුවන්, ආදරවන්තයන්, වැඩිහිටි ප්‍රජාව, ප්‍රසිද්ධ පුද්ගලයන්, ධීවරයන්, ඡායාරූපකරුවන් සහ තවත් විශාල පිරිසක් ඇද බැඳ තබා ගැනීමට මෙම මුහුදු තීරය සමත්. මුහුදු වෙරළට පැමිණෙන්නන් මේ අවකාශය ඔවුන්ට රිසි පරිදි භාවිත කරයි. ඇතැමුන් ක්‍රීඩා කරන අතර තවත් පිරිසක් කතා බහ කරතිි. වෙනත් අය සමග මුසු වෙයි, ප්‍රේම කරයි, ඇතැමුන් වෙළදාම් කරයි. කුඩා දරුවන් වැලිමාලිගා තනයි. ඇතැමුන් වැල්ලේ වැතිරී හිරුගේ නික්ම යාම නරඹයි.

අග නගරයේ පොදු අවකාශයන්ට ඇතුළත් වූ නවතම අංග වන ආකේඩ් සංකීර්ණ ඉහත කී තත්ත්වයට වඩා වෙනස්ය. යටත් විජිත කාලයේදී මානසික රෝහල ලෙස පැවති ගොඩනැගිල්ල තේජාන්විත වාණිජ සහ විනෝද ක්‍රීඩා පැවැත්වෙන ස්ථානයක් බවට පත් වී ඇති අතර එතුළ ඉහළ පැළැන්තියේ කඩසාප්පු සහ ආපන ශාලා වේ. එක් පැත්තකින් ඉතා ප්‍රවේශමෙන් රැක බලා ගන්නා මිල අධික මල් පැළවලින් සැදුම් ලත් උද්‍යාන, පදික වේදිකා සහ පැරීසියේ ආකාරයේ ලාම්පුවලින් අලංකාර වූ ආකේඩ් සංකීර්ණය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් දියත් කළ නගර අලංකරණ ව්‍යාපෘතියේ මුදුන් මල්කඩය.

ඇත්ත වශයෙන්ම කියතොත් මෙම මහා පරිමාණ ගෘහනිර්මාණය මගින් ගොඩනගන අපූර්ව දර්ශනය එහි ඇති සිත් ඇදගන්නා ප්‍රධාන අංගය විය හැකිය. දරිද්‍රතා විශ්ලේශන මධ්‍යස්ථානයේ පර්යේෂකයෙක් කුතුහලය නිසාම ආකේඩ් වෙත පැමිණි නරඹන්නන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සමග කතාබහ කළේය. ආකේඩ් වෙත පැමිණ බොහෝ විට තමන්ට කළ හැක්කේ පින්තූර ගැනීම සහ නිකරුණේ ගැවසීම පමණක් බව කියූ ඇතැම් පුද්ගලයෝ මේ ස්ථානය පිළිබද සිය නොපැහැදිළි හෝ මිශ්‍ර හැඟීම් ප්‍රකාශ කළහ.

ඇත්ත වශයෙන්ම මෙම අදහස් මතු වන්නේ සුවිසල් භෞතික ව්‍යුහයන් මගින් විනෝදය හෝ නිදහසේ කාලය ගත කිරීම සඳහා වූ අවකාශය නැති වී යාම තුළයි. ආකේඩ් සංකීරණය එහි ඇති සංකීර්ණ වාස්තුවිද්‍යාත්මක ව්‍යුහය නිසාම සිය නරඹන්නන්ට දෛනික විඩාව මග හැරීම සඳහා සුව පහසු අවකාශයක් සලසන්නට අපොහොසත් වේ. එමෙන්ම එහි මෙතෙක් කල් සැරිසැරූ හමුදා භටයන් වටපිටාව නරඹන්නන්ට සවිඥානකවීමට බල කළ අතර ඇතැම්විට ඔවුන්ව අපහසුවට පත් කරයි.”

හමුදාවෙන් අනුමත කර ඇති ක්‍රියාකාරකම්වලට අමතර වෙනත් යමක් කිරීමට මෙහි අපට හැකියාවක් ඇතැයි මම සිතන්නේ නැහැ. ආකේඩ් සංකීර්ණය ගොඩනැගීම සහ මුදල් යෙදවීම පිළිබද දේශපාලනයට අමතරව මේ භූමිය පුරා පොලිස් සහ හමුදා නිලධාරීන් අති විශාල සංඛ්‍යාවක් යොදවා තිබීම මගින් මාව ඉතා අපහසුවට පත් වෙනව” යනුවෙන් එක් නරඹන්නෙක් ප්‍රකාශ කළේය.

පොදු අවකාශයන් යනු හුදෙක් වාණිජමය විනෝදය සහ සුභ සිද්ධිය සලසන ස්ථානයක්ම නොව ප්‍රජාතන්ත්‍රීය ප්‍රකාශනයේ භෞතික රාමුවකි. ආරාබි වසන්තයේ මධ්‍ය වේදිකාව ලෙස කටයුතු කළ ඊජිප්තුවේ ටාහ්රිර් චතුරශ්‍රය එවැනි උදාහරණයක් වන අතර ට්‍රිපොලි හි ප්‍රධාන පොදු චතුරශ්‍රය 2011 ලිබියානු අරගලයේ දී යොදා ගත් ආකාරයද ඉතා වැදගත්ය. ප්‍රතිඵලයක් ලෙස, මෑත කාලීනව ආකේඩ් වැනි පොදු අවකාශයන් දේශපාලන අභිප්‍රාය සඳහා යොදා ගැනීම සහ හමුදාකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ සංවර්ධනය වෙනුවට යෙදූ ආදේශකයන් දැයි ශ්‍රී ලාංකිකයන් විසින් ප්‍රශ්න කළ යුතුව ඇත.

නගරයේ සෞන්දර්ය සහ ජීවය සඳහා පොදු අවකාශයන් අවශ්‍යය. එය රාජකාරී සහ විනෝදය සමබර කිරීමට රුකුල් දෙන අතර ප්‍රජාව පිළිබඳ වූ හැඟීම වර්ධනය කරයි. එමෙන්ම සෞඛ්‍යමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා පොදු ස්ථානවල ගොඩනැගෙන නිදහස් චින්තනය, විවෘත අදහස් මෙන්ම අදහස් හුවමාරුවද ඉතා වැදගත් වේ. එනයින් පොදු අවකාශයන් ගොඩ නැගීමේදී ජනතා දෘෂ්ටිකෝණයන් පිළිබඳ සිතා බැලීම සහ ඔවුන්ගේ අභිලාශයන් ඇතුළත් කර ගැනීම වැදගත්.

මන්සි කුමාරසිරි
දරිද්‍රතා විශ්ලේශන මධ්‍යස්ථානය

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us