පොදු රද මඩුලු එදා මෙදා තුර

Wednesday, 23 July 2014 15:53

හිරු නොබසින අධිරාජ්‍යය යැයි එංගලන්තයට නම් පට බැඳුනේ ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකය පුරා රටවල් ගනනාවක් යටත් විජිත ලෙස අත්පත් කර ගැනීමෙන් දවසේ කවර හෝ වේලාවක එම අධිරාජ්‍යය යටතේ පැවැති රාජ්‍යයක දිවා කාලයක් පැවැතුන බැවිනි. මේ මහා අධිරාජ්‍යය රටවල් සූරාගෙන කෑම හිතේ හැටියට කළ අතර යටත් විජිත යුගය කෙමෙන් පහව ගියද එම අධිරාජ්‍යවාදී බැමි තවදුරටත් පවත්වාගෙන යමින් එම රාජ්‍ය පද්ධතිය පොදුරාජ්‍ය මණ්ඩලය ලෙස මේ වන විට නම් කර ගන තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල යනු බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ව සිටි රටවල ක්‍රීඩා උළෙලයි. මේ අද එම නමින් හැඳින් වූවද මෙහි ඉතිහාසය ද අධිරාජ්‍යේ බලපුලුවම්කාර භාවය කියාපෑවකි.

මෙහි ආරම්භය 1911 වසර ලෙස සැලකේ.

1911 දී පස්වන ජෝජ් රජතුමාගේ රාජාභිෂේකය වර්ණවත් කිරීම සඳහා විවිධ ක්‍රීඩා ඉසව් කිහිපයක එකතුවකින් යුතු අපූර්ව විහේෂංගයක් පැවැත්විණි. එය එවකට Festival of the Empire නමින් හැඳින්විණි. බොක්ෂිං, රෙස්ලින්, පිහිනුම්, හා මළල ක්‍රීඩා යන ක්‍රීඩා ඉසව්වලින් හෙබි මෙම අපූර්වතම අංගය සඳහා ඔස්ට්‍රේලියාව, කැනඩාව, දකුණු ඇමරිකාව, එක්සත් රාජධානිය, වේල්සය හා ස්කොට්ලන්තය යන රටවල් සහභාගී විය.

1928දී Melville Marks Robinson නම් ක්‍රීඩා වාර්තා කරුගේ ඉල්ලීමක් අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා

CGF 1930

උළෙල නමින් ක්‍රීඩා උළෙලක් කැනඩාවේ හැමිල්ටන් හි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් විය. ඒ අනුව 1930දී රටවල් 11ක් ක්‍රීඩකයන් 400 ක ගේ සහභාගිත්වයෙන් කැනඩාවේ හැමිල්ටන් හිදී British Empire Games අලංකාර ක්‍රීඩා උළෙලක් පැවැත්විණි.

එහිදී තීරණය වූ පරිදි මෙම මෙම ක්‍රීඩා උළෙලෙ සෑම වසර 4ට වරක්ම පැවැත්විණිඑය ක්‍රීඩා ඉසව් 6කින් සමන්විත වූ අතර ක්‍රීඩිකාවන් සඳහා අවසර හිමි වුයේ පිහිනීම ක්‍රීඩා ඉසව්ව සඳහා පමණි.

එහෙත් අවාසනාවන්ත ලෙස 1942-1946 වසරවල මෙම ක්‍රීඩා උළෙල අත්හිටවන්නට සිදු විය. ඒ දෙවන ලෝක යුද්ධය හේතුවෙනි.

නැවතත් 1950 දී එය බ්‍රිතාන්‍ය ආධිරාජ්‍ය ක්‍රීඩා උළෙල නමින් පැවත්විණි.

ක්‍රීඩා උළෙල 1954 සිට 1974 දක්වා බ්‍රිතාන්‍ය අධිරාජයා හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නමින් ක්‍රියාත්මක විය. 1978 වනවිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නාමය ඉවත් වී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලෙසින් එය පැවැත්වීම අරඹන ලදී.

මෙලෙස විකාශනය වූ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ 1986 පැවති උළෙල සඳහා දකුණු අප්‍රිකානු හා කැරබියන් දුපත් ආශ්‍රිත රටවල් සහභාගි වීම ප්‍රතික්ෂේප කරන ලදී. එයට හේතුව වුයේ එම කාලයේ ක්‍රියාත්මක වූ වර්ණ බේද වාදයට විරෝධය පෑමේ අරමුණ ඇතිවයි.

කාලයත් සමගම මෙම ක්‍රීඩා උළෙල සඳහා වූ ක්‍රීඩා ඉසව් ප්‍රමාණය ඉහල නැගුණි.

80 දශකයේ අග භාගය වෙද්දී ක්‍රීඩාව සඳහා වූ උද්යෝගය වැඩිවන්නට විය. ඒත් සමග පොදුරද මුඩුලු ක්‍රීඩා උත්සවය සඳහා විවිධ ඉසව් එක් වන්නට විය.

1980 දශකයේ අගභාගය සහ 1990 දශකයේ මුල් භාග‍ය ආශ්‍රිතව රටවල් කිහිපයක් සහ සංවිධාන කිහිපයක් ආබාධ සහිත ක්‍රීඩකයන් සඳහා වූ තරඟ සාමාන්‍ය ක්‍රීඩා තරඟ පද්ධතිය තුළට ඇතුළත් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම ආරම්භ කළහ.

මෙම ක්‍රියාවලිය ඔස්සේ ඔලිම්පික් තරඟාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි ප්‍රධාන තරඟාවලි තුළට ආබාධ සහිත වූවන් සඳහා වන ඉසව් ඇතුළත් කිරීමත් ආබාධ සහිත ක්‍රීඩකයන්ට සාමාන්‍ය ක්‍රීඩා සංවිධාන සමඟ සම්බන්ධ වීමේ හැකියාව ලබා දීමත් අරමුණු කෙරුණි.

1984 පටන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැරා ඔලිම්පික් මලල ක්‍රීඩකයන් සම්බන්ධ වූ ප්‍රදර්ශන ඉසව් ඇතුළත් වුවත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මුල් වරට ආබාධ සහිත ක්‍රීඩකයන් සඳහා ප්‍රදර්ශන තරඟ පැවැත්වීම ආරම්භ වූයේ 1994 වසරේ දීය.


2002 වසරේ දී මැන්චෙස්ටර්හි දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ආබාධ සහිත ක්‍රීඩකයන් ඔවුන්ගේ ජාතික කණ්ඩායම්වල පූර්ණ සාමාජිකයන් ලෙස සලකන ලද අතර ඒත් සමඟම පොදු රාජ්‍ය මණ්ඩලීය ලොව ප්‍රථම පූර්ණ අන්තර්ගතය සහිත බහු ක්‍රීඩා උළෙල බවට පත්විය.

මෙම ක්‍රියාවලිය 2006 වසරේ මෙල්බර්න්හි දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුළ ද ක්‍රියාත්මක වූ අතර එහි දී කැනේඩියානු කණ්ඩායම නියෝජනය කළ chantale petitclerc ආබාධිතයන් සඳහා වන ක්‍රීඩා ඉසව් සහ සාමාන්‍ය ක්‍රීඩා ඉසව් යන දෙවර්ගයම අන්තර්ගත වන ක්‍රීඩා තරඟාවලියක සමාරාම්භක උළෙලේ දී තම රට වෙනුවෙන් එහි ධඡය ගෙන ගිය ප්‍රථම ආබාධ සහිත ක්‍රීඩිකාව බවට පත් විය.

19 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2010 වසරේ ‍ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණි. මෙම ක්‍රීඩා උළෙලේ සත්කාරත්වට හිමිකම් කීමට ආසියාතික රටකට වරම් ලැබුණු දෙවැනි වතාව එයයි. එම අවස්ථාව හිමිවූ පළමු ආසියාතික රට වූයේ මලයාසියාවයි. ඒ 1998 වසරේදීය.

කෙසේවෙතත් එම ක්‍රීඩා උලේලේහිදී වැඩිම පදක්කම් ලාභී රට ලෙස ඔස්ට්‍රේලියාව රන් 74, රිදී 55ක් සහ ලෝකඩ 48 සමග මුළු පදක්කම් 177ක් ලැබුවේ ඉන්දියාවේ නව දිල්ලි නුවර සත්කාරකත්වයෙන් පැවැති ක්‍රීඩා උළෙ‍ලේදීය. එංගලන්තය රන් 37, රිදී 60, ලෝකඩ 45ක් සමග දෙවැනි ස්ථානයේ පදක්කම් 142ක් සමගින්ද, ඉන්දියාව රන් 39, රිදී 26, ලෝකඩ 36ක් සමග ද පදක්කම් 101ක් ලබා තෙවැනි තැනට හිමි කරගත්තේය.

‍පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ ඉතිහාසය දෙස බැලීමේදී ශ්‍රී ලංකාව මුල්මවරට සහභාගිත්වය 1938 සිඩ්නි නුවර ක්‍රීඩා උළෙලට ලැබි තිබුණු අතර බොක්සිං ක්‍රීඩාවේ කි.ග්‍රෑ. 57 බර පන්තියේ රන් පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් බානි හෙන්රිකස් දිනා ගන්නා ලදී.

පසුව 1950 දී මලල ක්‍රීඩාවෙන් ඩන්කන් වයිට් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර යාර 440 කඩුලු පැනීම රන් පදක්කම දීනීමෙන් අනතුරුව 1998 මැ‍ලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී ශ්‍රියානි කුලවංශ මීටර් 100 කඩුලු පැනීමේ රිදී පදක්කම හා එම වසරේම සුගත් තිලකරත්න මීටර් 400 දිවීමෙන් ලෝකඩ පදක්කම ලබා ගැනීම හැරෙන්නට මලල ක්‍රීඩාවෙන් පදක්කම් ලැබීමට ශ්‍රී ලංකව අ‍පොහොසත් වීම කණගාටුවට කරුණකි.

මේ දක්වා ශ්‍රී ලංකාවට ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ පදක්කම් ලැබි ඇත්තේ 13ක් පමණි. ඒ අතරින් බොක්සිං ක්‍රීඩාවෙන් 4ක්, වෙඩි තැබිමේ ඉසව්වෙන් 3ක් ද මාලි වික්‍රමසිංහ හා පුෂ්පමාලි රාමනායක වායු රයිපල් වෙඩිතැබිමෙන් 1994 රන් පදක්කම් හිමිකරගන්නා ලදී.

කෙසේ වෙතත් මෑත කාලීනව බර ඉසිලීමේ ඉසව්වෙන් චින්තන ගීතාල් විදානගේ 2006 මෙල්බෝන් නුවර කි.ග්‍රෑ 62 රන් පදක්කම ගැනීම කැපී පෙනෙන අතර අවසන් 2010 ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ කි.ග්‍රෑ 69 බර පංතියේ රිදී පදක්කම ද චින්තක සතු විය.

අද(23) ස්කොට්ලන්තයේ Glasgow හිදී විසිවෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලයි. මේ ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය රටවල් පමණි. පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ලෙස හඳුන්වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යක්ව පැවති සමයේ එයට අයත්ව තිබු රටවල සමුහයයි.

ඒ සඳහා මෙවර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 65ක් සහ ක්‍රිඩිකාවන් 36 දෙනෙක්ද මෙම ක්‍රීඩා උළෙල සඳහා සහභාගි විය. ඊට පැරා මලල ක්‍රීඩා, සවිබර එසවීම සහ පිහිනුම් ක්‍රීඩාව සඳහාද ක්‍රීඩකයින් පස්දෙනෙක් ඇතුළත්ව සිටී.

2010 නවදිල්ලි ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකා පදක්කම් සටහනට රන්පදක්කමක් එකතු කළ බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි මෙවරත් ශ්‍රී ලංකාව නියෝජනයට එක් වී සිටීම විශේෂත්වයකි . දිල්ලි ක්‍රීඩා උළෙ‍ලේදී රන් පදක්කමක් දිනීමෙන් පසු සිදුකරනු ලැබූ තහනම් උත්තේජන පරීක්ෂාවේදී චෝදනාවකට ලක්වී අහිමි විය. පසුගිය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් රිදී පදක්කමක් දිනූ චින්තක ගීතාල් විදානගේ සහ ලෝකඩ පදක්කමක් දිනූ සුදේශ් පීරිස් මෙවරද ක්‍රීඩා උළෙලට සහභාගි වේ.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන්නේ විසිවෙනි වරටයි. සකොට්ලන්තය සත්කාරකත්වය දරන්නේ තුන්වෙනි වරටයි. මීට පෙරත් 1970, 1986 යන දෙවතාවේම ස්කොට්ලන්තය සත්කාරකත්වය දරා තිබේ. එයද සුවිශේෂි කරුණකි

සටහන - හිමාෂි කරුණාරත්න

Last modified on Wednesday, 23 July 2014 17:26

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us