කිකිළිගේ බිත්තරය හෙවත් රාජපක්ෂගේ තෙවැනි වාරය

Friday, 21 November 2014 12:21

| නිලන්ත ඉලංගමුව

ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ මාවත නොහොත් තම පෙරේතකම සංසිඳුවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ඔහුගේ කේන්ද්‍රය ප්‍රකාරව ගෙන ඇත.


ඒ අනුව යමින් මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාට අවශ්‍ය දේ සිදු කොට ඇත. ලැජ්ජා නැති කාරණයකි. ජාතියක් ලෙස වඩාත් සැලකිලිමත්ව බැලිය යුතු කාරණයකි. මොහුගේ පිස්සුව සංසිදුවා ගැනීම සඳහා ජාතියේ පැවැත්ම සහ ඊට හිමි ගරුත්වය මුලුමනින්ම නැති කොට ඇත. ජාතිය රෝගී ජාතියක් බවට පත් කොට ඇත.



වෙනත් ආකරයකින් කියතහොත් කිකිළිය වෙරදරා බිත්තරයක් දමා ඇත. කිකිළියට ඒ සඳහා බොහෝ කාලයක් ගත විය. එසේම ඒ වෙනුවෙන් කිකිළිය මහත් පරිශ්‍රමයක් ගනු ලැබීය. අවසානයේදී මහත් අමාරුවෙන් තම බිත්තරය හෙළා ඇත්තාහ.එය කුණු වී ඇත්තේ දැයි දන ගත හැකිවන්නේ මැතිවරණයේ ප්‍රතිඵලය මතය. කෙසේ වෙතත් පූර්ව ප්‍රජනන, සංසේචන සහ ජනිත කිරීමේ ක්‍රියාවලියට පමණක් කිකිළිය විශාල ධනස්කන්ධයක් වියදම් කරනු ලැබීය. එසේනම් මැතිවරණය සඳහා කෙතරම් නාස්තියක් කිරීමට ඔහු බලාපොරොත්තු වන්නේද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.

සැබවින්ම මෙය ජනතාවට අවශ්‍ය මැතිවරණයක් නොවේ. මෙය රාජපක්ෂට අවශ්‍ය මැතිවරණයකි. රාජපක්ෂගේ ආශාව මුදුන් පමුණුවා ගැනීම සඳහා පවත්වන මැතිවරණයකි. ඔහුගේ ආශාව වූ කලී තවත් වරක් මෙරට ජනාධිපති වීමය.

මෙවැනි දෑ සිදුකිරීමට රටේ ජනාතවගේ මුලික අයිතිය සහ කැමැත්ත අතට ගැනීමෙන් පෙනී යන්නේ අප ජාතියක් ලෙස බෙලහීන වී ඇති ආකාරයයි. ජාතියේ පිටකොන්ද මුළුමනින්ම කඩා දමා ඇත.තම වචනවලින් මෙවැනි මට්ටමේ රැවටිලි වලට රටේ ජනතාව ගොදුරුකර ගත හැක්කේ මේ නිසාය. මිහිපිට කිසිඳු රටක මෙවැනි විගඩම් සිදුවන්නේ නැත. මෙවැනි දෑ කිරීමට හැක්කේ ම්ලේච්ඡත්වයට පත් වූ අයවලුන්ට පමණි. පළාත් සභා මැතිවරණයක් හෝ නොකඩ තැබීමට නොහැකි වූ රාජපක්ෂ රටේ ධනය තම විකාරය සිහිනය මුදුන්පමුණුවා ගැනීම සඳහා භාවිතා කරණ ආකාරය සැබවින්ම ලජ්ජවාට කාරණයකි.

මැතිවරණයෙන් ජයගත හැකිද නොහැකිද යන්න ඔහුට ගැටලුවක් නොවේ. මන්ද මැතිවරණය විපක්ෂය නියෝජනය කරන්නා දිනුවද, ඉදිරි වසර දෙක සඳහා ඔහු ජනාධිපතිය. රටේ ඛේදවාචකය තේරුම් ගැනීම සඳහා එයම ප්‍රමාණවත්ය. ඔහු මෙය මෙවලමක් ලෙස කදිමට තම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී භාවිතා කරනු ඇත. එසේම තම මිලිටරිය යොදා හැකි උපරිමයෙන් රටේ ඔහුට සහ වරිගයට එරෙහිව පැන නැගී ඇති පෘතුල විරෝධය යටපත් කිරීමට මාන බලනු ඇත.

රාජපක්ෂ මෙවර තම මැතිවරණ ව්‍යාපෘතිය ආරම්භ කරන්නෙම පාරජයකිනි. එනම් ඔහු මේ දක්වා විකුණනු ලැබූ සිංහල බෞද්ධ දේශප්‍රේමීයත්වය මෙවර දෙදරාගොස් ඇත. ඔහුට එරෙහි බටහිර කුමන්ත්‍රණ හිතලුවක් බවට පත් වී ඇත. රටේ ජනතාවගේ කැමැත්ත කොල්ල කෑම සඳහා ඔහුගේ මූලික දේශපාලන උපායන් කේන්ද්‍රගත වූ මුලික යාන්ත්‍රණය කුණාටුවකට හසු වී ඇත.

මෙම තත්වය යටතේ විපක්ෂයට මෙම මැතිවරණය පමණක් නොව ඉදිරි මහා මැතිවරණයත් ඉතා වැදගත් තත්වයක් නිර්මාණය කොට දී ඇත. මෙම තත්වය නිවැරදිව භාවිතා කිරීමා සඳහා දේශපාලන ස්කුබුඩී උපදේශකයන්ගේ ඔලමොට්ටල විචාරයන්ගෙන් ඔබ්බට ගොස් සිතීමට සහ කටයුතු කිරීමට හැකි ඥානයක් විපක්ෂයට තිබේනම් එය රටේම වාසනාවකි.

කෙසේ වෙතත් උදා වී ඇත්තේ පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගොස් සිතිය යුතු කාලයකි. විශේෂයෙන් ශිෂ්‍ය දේශපාලනය සහ බික්ෂුන්ගේ දේශපාලන කෞශල්‍ය, උපාය සහ ක්‍රියාමාර්ග නව ආකාරයකින් බලගැන්විය යුතු වඩාත් වැදගත් අදියරකට මුලු රටම තල්ලු වී තිබේ. එය නිවැරදිව භාවිතා කළහොත්, ආඥාදායකයා විසින් සිදුකරන ඇතැම් සුලු වැරදි සිදුවීම් මඟින් වුවද ඔහු එලවා දීමේ ඥාණය පහළ වීමට හේතු වනු ඇත.

කාලය ලබා දී ඇත. සෑම තත්පරයක්ම ප්‍රයෝජනයට ගෙන රටේ ගරුත්වය වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීමට අවස්ථාවක් ලබා දී තිබේ. බහිරවයාට අවශ්‍ය දොළ පිදේනිය දී ඔහුව රටෙන් චුත කිරීමට අවශ්‍ය මුලික බුද්ධිය පහල වීමේ මොහොද උදා වන්නේ යම්සේද, එය විසින් රටේ ජනතාව රටට අවශ්‍ය තීරණය මනාව ගැනීමට දිරිගන්වනු ඇත.

අවශ්‍යවන්නේ මුලික තේරුම් කරදීම සහ විශ්වාශය ගොඩ නගමින් තම ගෞරවාන්විත වැඩපිළිවෙල ගම් දනව් සිසාරා ප්‍රචාරය කරවීමය.

Last modified on Friday, 21 November 2014 12:24

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us