නයිට්ක්ලබ් යෑම ගැන මල්ෂා කතා කරයි

Thursday, 11 June 2015 11:33

මේ දවස්වල මල්ෂා කුමරතුංග පළාත් සභා මන්ත්‍රීවරිය FB එකේ අරක්කු සිගරට් අතේ තියන් කොල්ලො තුරුලු කරන් ඉන්න පින්තූරවගයක් උණු කැවුම් වගේ Share වෙනවා.ඒ ගැන ගැන මල්ෂා කියන කතාව මෙහෙමයි

ඉතිං මල්ෂා ජොලියට බරයි කියන්නේ ඇත්තද?

ඔව් ඉතිං.අමාරුවෙලා වැඩ කරනකොට දෙපැත්තටම බැලන්ස් වෙලා තියෙන්න ඕනෙනේ.

තාත්තවගේ රඟපාන්න යන්න හිතිලා නැද්ද?

අම්මෝ...මට රඟපාන්න ටැලන්ට් එක ඇවිත් නෑ.

සැප ගන්න නේද දේශපාලනේට ආවේ.

හාපෝ සැප ගන්න නම් දේශපාලනේට එන්න එපා. මට ඉස්සරනම් හොඳ සැප ජීවිතයක් තිබ්බා.ඒත් දේශපාලනේට ආවම ඒ සැප ජීවිතේ සම්පූර්ණයෙන්ම නැතිවුණු එකයි වුණේ.

අම්මයි තාත්තයි එක්ක නිතර කොකු දාගන්නවා කියන්නේ ඇත්තද?

තාත්ත හරිම සිම්පල් චරිතයක්.අම්මත් එක්ක නම් ඉතිං ආගිව් කර ගන්නවා.අපි හිතන විදිය ඉතිං වෙනස් නේ.ඒ වගේ වෙලාවට අම්ම එක්ක නම් ඉතිං කටගහගෙන යන වෙලාවල් තියෙනවා.

නයිට් ක්ලබ් යනවා කියන්නේ ඇත්තද?

බොරුවට කියන්න ඕනෙ නෑනේ නෑ කියලා. තරුණ කාලේ නම් ගියා.ඒත් දැන් වැඩ අධික නිසා ඒවට යන්න වෙලාවක් නෑ.

ඒ කියන්නේ දැන් වයසයි ද?‍

(හිනා)

එහෙනම් ඉතිං අරක්කු ටිකක් සිගරට් එකක් හොරෙන් හරි බොනවා ඇති නේද?

වයින් ටිකක් නම් බොනවා.ඒත් ඉතිං බීලා වැටිලා ඉන්නෙ නම් නෑ.

එතකොට මේ දවස්වල FB එකේ අරක්කු සිගරට් අතේ තියන් කොල්ලො තුරුලු කරන් ඉන්න පින්තූරවගයක් උණු කැවුම් වගේ Shear වෙනවා.ඒ ගැන මොකද කියන්න තියෙන්නේ.

ගෑනියක්ට මඩ ගහනකොට එක්කො බඩුවක් කියනවා. නැත්නම් ගණිකාවක් කියනවා.සිගරට්,අරක්කු බොනවා කියනවා. ගෑනියක්ව පහත් කරන්න කියන්න පුළුවන් ඔයවගේ ඒවනේ. ඒ පින්තූර මංවත් දැකලා නෑ.ඔය ඔක්කොම එළියට එන්න ගත්තේ මම මගේ දේශපාලන අදහස් පිට කරන්න ගත්තමයි.එක එක නායකයෝ ආයෙමත් ගේන්න මං ස්ටේජ් ගානේ නගින්නෙ නැති නිසා පන්සල් ගානේ යන්නෙ නැති නිසා මේක මට ගහන්න ගෙනාපු මඩක්.

කොහේට ද ඉස්කෝලෙ ගියේ.

විචලි ඉන්ටර්නැෂනල්.

කරපු තරමක් කලේ ඉස්කෝලෙදි මගෝඩි වැඩ නේද?

(හිනා) මං ගොඩක් දඟයි.ඒ කාලේ ඉතිං ගොඩක් දඟ වැඩ කළා.

මතකද එහෙම රසවත් අත්දැකීමක්.

පන්තියට යන්නෙ නැතිව කැන්ටින් එකේ ලාල් අංකල් හදන ඉට්ලෙයා කන එක තමයි නිතරම කළේ.පිටට පේන්නෙ නැතිවෙන්න අපි යාළුවො ටික බිම වාඩිවෙලා තමයි කන්නේ.ඒත් ඉතිං හැමදාම වගේ ප්‍රින්සිපල්ට අපි අහුවෙලා තියෙනවා.බඩ පිරෙන්නම බැණුම් අහගත්ත වෙලාවල් නම් අනන්තයි.

මුලින්ම අම්මගෙන් ගුටිකාපු දවස මතකද?

අනේ මතක නෑ.ඒ තරම්ම ගුටිකාල නම් තියෙනවා.

කොහොමද අපේ රටේ තාරුණ්‍යය ගැන දකින්නේ.

ඉස්සර හිටපු තරුණ අයට වඩා අද තරුණයෝ ගොඩාක් වෙනස්. එදා වෙනදෙයක් දිහා බලාගෙන ඒ දේ වෙන්න දීලා ඔහේ ඉන්න පිරිසක් තමයි හිටියේ.ඒත් දැන් ඉන්න අපේ ජෙනරේෂන් එක ‍එහෙම නෑ.දෙයක් කරන්න ඕන නම් ඒ දේ කොහොම හරි කරන්න ඕන කියලා වැඩ කරන පිරිසක් අද ඉන්නවා. ඒක ‍ගොඩක් හොඳ දෙයක්.

මතකද ප්‍රථම ප්‍රේමයේ සුන්දර අත්දැකීම්.

මගේ ප්‍රථම ප්‍රේමය මගේ මහත්තය.මට අවුරුදු 19දී තමයි මං එයත් එක්ක යාළු වුණේ.

මහත්තයත් එක්කත් නිතර රණ්ඩු දාගන්නවා නේද?

නෑ. එහෙම නෑ. ලොකු දේවල්වලට අපි රණ්ඩුවෙලා නෑ. එයා මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක්.ඒත් ඉතිං අපි නිතරම රණ්ඩු දාගන්නේ TV රිමෝට් එකට,ඒකට නම් හොඳට මරා ගන්නවා.

කොටට අඳින්න ආසයි කියන්නේ ඇත්තද?

අනේ මට කොටට අඳින්න ලස්සන ඇඟක් ද තියෙන්නේ. ලස්සන ඇඟක් තිබෙනවා නම් ‍ඉතිං නිතරම ‍අඳිනවා කොටට.

කොල්ලන්ට හරිම ආසයි නේද?

කොල්ලන්ට විතරක් නෙවෙයි.අද නෙට් එකේ කෙල්ලන්ට ආසයි කියලත් ඕන තරම් තියෙනවනේ.ඔයවගේ කතා තමයි අපිට නිතර අහන්න වෙන්නේ.

ඇත්තටම මල්ෂා මොනවගේ චරිතයක්ද?

මම කවදාවත් නැති චරිතයක් මවා පෙන්නලා නෑ.පත්තිනි අම්මාවගේ චරිතයක් කියලා සුදු ඇඳගෙන පන්සල් ගිහිං මවා පාන චරිතයක් මම කවදාවත් මිනිස්සු ඉස්සරහා රඟපාලා නෑ.මම දුක්විඳලා හැදිලා නෑ තමයි.ඒත් මට ඕන කෙනෙක්ගෙ දුක කිව්වම ඒක හොඳින් තේරුම් ගන්න පුළුවන්.මං බොරුවට දුක්විඳලා ඔයාලා වගේ ජීවිතයක් ගතකරනවා කියලා කාටවත්ම කියල නෑ. අපි A/C වාහනවලින් බැහැලා එහෙම කියන්න ගියොත් ඒක මහම මහ බොරුවක් වගේම විහිළුවක්.මං කෙලින් කතා කරන වැරදි දේ වැරදි කියන කෙනෙක්.

සාරි ඇන්දේ එකපාරටම මිනිස්සු ගොනාට අන්දලා ඡන්ද කඩාගන්න නේද?

නෑ මේ රටේ දේශපාලනයේ හැදිච්ච දෙයක් තියෙනවා.පිරිමියාට ඕනම දෙයක් අඳින්න පුළුවන්.ඒත් ගැහැනියකට තමන් කැමති දෙයක් ඇඳන් යන්න බැහැ.මිනිස්සු හැමවෙලාවෙම බලන්නේ සාරිය ඇඳගෙන ආවෙ නැත්නම් ලොකු අඩුකමක් විදියට. මේ ක්‍රමය නම් වෙනස් වෙන්න ඕන.මං සාරි අඳින්නේ, අඳින්න ඕන නිසයි.

අපේ රටේ තරුණයන් පීඩනයකින්ද ඉන්නේ.

ඔව්.අපේ රටේ තරුණයන්ගේ සුදුසුකම්වලට සුදුසු රැකියාවල් නෑ.මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන.අපේ රටට වුවමනා ප්‍රයෝජනය ඒ අයගෙන් ගන්න බැරිනම් ඒක අපේ රටට ලොකු අඩුවක්.

අපේ රටේ තරුණියන් අපේ සංස්කෘතිය නිසා හිරවෙලා තියනවා කියලා හිතනවාද?

මෙහෙමයි බලන්න අපේ රටේ පිරිමින්ට ඕනම දෙයක් කරන්න පුළුවන්.එයාලා කරන ඕන දෙයක් හරි.මොනදේ කරත් පිරිමි පොරවල් වෙනවා.ඒත් ගැහැනියක් ඒ දේ කළාම ලෝකෙ නැති මඩ ගහනවා.මෙන්න මේ පහත් තත්ත්වය මේ රටින් අතුගාලා දාන්න ඕන.ගැහැනියටත් පිරිමියාටත් එකම විදියට සලකන සමාජයක් හදන්න අපි මහන්සි ගන්න ඕන.පිරිමින්ගෙ ඔළුවල තියෙන ඒ මඩ සුද්ද කරන්න ඕන.හැම තිස්සෙම ගැහැනිය හිරකරන්න දඟලන සමාජ ක්‍රමයට මං විරුද්ධයි.

තරුණ තරුණියන්ට දෙන්න තියන පණිවිඩය මොකක්ද?

අපි ඉස්සරහට එන්න හදන කොට ගොඩක් කට්ටිය අපිව පාගන්න බලන් ඉන්නවා.තරුණ ජවයට බය කට්ටියක් ඉන්නවා.ඒත් කවදාවත් නැහැ බැහැ කියන උත්තරේ පළිගන්න එපා.

dinamina

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us