විත්තිකරුවන් විය යුතු අයම පොලිසියට අභියෝග කරනවා "පුළුවන් නම් නඩු දාන්න" කියලා – නීතිඥ උපුල් ජයසූරිය

Wednesday, 16 July 2014 12:03

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අලූත්ගම සිදුවීමට පෙර සිටම ප‍්‍රකාශ කළා බොදු බලසේනාව සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා. අලූත්ගම සිදුවීමෙන් පසුවත් එය සිදුවෙලා නැහැ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව ආගම් අතර භේද ඇතිවන ආකාරයට කටයුතු කිරීම බරපතළ වරදක් විදියට සලකනවා. අපි නීතිපතිවරයාට යැවූ ලිපියක් මගින් ඉල්ලා සිටියා බොදු බලසේනාව ගැන ඒ යටතේ නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස.

නීතිපතිවරයා අපෙන් ඉල්ලා සිටියා ඒ පිළිබඳව ප‍්‍රශ්නයක් ඇත්තේ නම් පොලිස්පතිවරයාට ඉදිරිපත් කරන්න කියලා. එහෙත් කනගාටුවෙන් වුවත් කියන්න ඕනෑ, බොහෝ අය අහිංසක පුද්ගලයෙක් හැටියට හඳුන්වන පොලිස්පතිවරයා කොන්ද පණ නැති කෙළින් තීරණයක් ගත නොහැකි දේශපාලනඥයන්ගේ අතකොළුවක් බවට පත්ව ඇති පුද්ගලයෙක් ලෙසයි අපට පෙනෙන්නේ. විශ‍්‍රාම යා යුතු වයස පහුවෙලා වසර දෙකක් ගතවෙනකන් ඔහුව තනතුරේ තබාගෙන ඉන්නේ ඔහුගේ ඒ දුර්වලකම් නිසා. ඒ වගේ පසුබිමක පොලිස්පතිවරයා අපක්ෂපාතීව කටයුතු කරයි කියලා අපට හිතන්න බැහැ.

පොලිස් නිලධාරීන් අද අමුඅමුවේ මිනී මරනවා. මිනිසකුගේ ජීවිතය අහිමි කිරීමේ හැකියාව තිබෙන එකම ක‍්‍රමය උසාවියේ නඩුවක් පවරලා වරදක් කරලා තිබෙනවා නම් මහාධිකරණයෙන් මරණ දඩුවම් නියම කිරීම. එසේ කි‍්‍රයාත්මක කරන මරණ ද`ඩුවම් විධායකය විසින් කි‍්‍රයාත්මක නොකර ඉන්න අවස්ථාවක විධායකය යටතේම තිබෙන පොලිස් දෙපාර්තමේන්තුව මරණ දඩුවම පොලිස් ස්ථානයේදී හෝ මගතොටදී කි‍්‍රයාත්මක කිරීම සංසන්දනාත්මක නොවන ඉතාමත්ම බරපතළ ප‍්‍රශ්නයක්. සමහර වෙලාවට මිය යන්නේ වරදක් නොකරපු පුද්ගලයෙක් විය හැකියි.

පසුගිය දිනවල මිනුවන්ගොඩ, කුලියාපිටියේදී, බදුල්ලේ, පස්යාලේ ඒ වගේම රතුපස්වලදී ඝාතනය කළේ අහිංසක පුද්ගලයන්. මේ අවස්ථාවල සිංහලයන් ඝාතනය වුණත් බොදු බල සේනාව වගේ සංවිධාන නැගිටලා ආවේ නැහැ. එහෙත් මෙතන තියෙන්නේ ජාතීන් අතර ප‍්‍රශ්නය නොවෙයි. පොලිස්පතිවරයාට බැරි වුණා සමස්ත පොලීසිය පාලනය කරන්න සහ අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්න. එහෙම පොලීසියක් බොදු බල සේනාව සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වෙයි කියලා හිතන්න බැහැ.

විධායකයට අවශ්‍ය දේවල් කරනවා නම් ඒ අයට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක නොවන තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ. ඒක හොඳින්ම දකින්න තිබුණා හම්බන්තොට ඇති වූ සිදුවීමේදී. පොලීසිය කිසිම පියවරක් ගත්තේ නැහැ. වීඩියෝ සහ පින්තූර තිබියදී ගත්තේ නැති පියවරක් මේ අවස්ථාවේදී ගනියි කියලා හිතන්න බැහැ.

ඉතින් නීතිපතිවරයා ප‍්‍රශ්නය පොලිස්පතිවරයාට ඉදිරිපත් කරන්න කිව්වාම ඒක නිකම් හාස්‍යජනක සිදුවීමක් වෙනවා. අපි නීතිපතිවරයාට දෙවැනි වරටත් ලිපියක් යැව්වා, ජූනි 04 වැනිදා. ඒ ලියුමට උත්තරයක්වත් ලැබුණේ නැහැ. අපරාධයක් පිළිබඳ හරිහැටි විමර්ශන සිද්ධ වෙන්නේ නැතිනම් එය නිවැරදිව කරගෙන යෑම සඳහා උපදෙස් දීමට බලය සහ වගකීමක් නීතිපතිවරයාට තිබෙනවා.

ඉතාමත් උසස් නිලධාරියෙක් හැටියට නීතිපතිවරයාගේ අවංකභාවය පිළිබඳ අපට ගැටලූවක් නැහැ. එහෙත් අපි දකිනවා අද නීතිපතිවරයා ඉන්නෙත් ලොකු පීඩනයක. මෙතෙක් කල් ඉතිහාසයේ නීතිපති දෙපාර්තමේන්තුව තිබුණේ අධිකරණ අමාත්‍යවරයා යටතේ. එහෙත් දැන් එය ජනාධිපතිවරයා යටතේයි තියෙන්නේ.

අපි අලූත්ගම සිදුවීම වෙන්න කලින් තමයි නීතිය කි‍්‍රයාත්මක කරන්න කියලා නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ. ඒ වෙලාවේ නීතිය කි‍්‍රයාත්මක වෙලා තිබුණා නම් අලූත්ගමදී මෙවැනි සිදුවීමක් වෙන්නේ නැහැ.

 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකත් නීතිඥයෙක්. එහෙත් ඔහු කරන සමහර ප‍්‍රකාශ නීතියේ මූලධර්මවලට පටහැණි බවක් පැහැදිලිවම පෙනෙනවා. ඒ වගේම පොලීසිය නීතියෙන් පිට කටයුතු කරනවා. නීතිඥ සංගමය මෙය දකින්නේ කොහොමද?

ඔහුට අපි මීට පෙර අවවාද කළා. සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් විදියට තමන්ගේ පෞද්ගලික වාසිය සඳහා බොරු ප‍්‍රකාශ කියනවා නම් අපට ප‍්‍රශ්නයක් නැහැ. මොකද ඒක සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන් කරන දෙයක්. ඔය ප‍්‍රශ්නය ඇත්තටම සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුට එල්ල කළ හැකි චෝදනාවක් නොවෙයි. මේ රටේ විසඳන්න අමාරුම අපරාධ පවා පොලිස් නිලධාරීන් විසින් විසඳලා තිබෙනවා.

විසඳන්න බැරි හැම අපරාධයකම වගකීම පිළිබඳව ඇගිල්ල දිගුවෙන්නේ රජයට. අද පොලිස් ආඥා පනත යටතේ ස්වාධීන තීරණයක් ගැනීමට පොලීසියට නිදහස නැතිවෙලා තිබෙනවා. උදාහරණයක් විදියට පසුගිය දවසක විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට විසි දෙනෙක් පමණ සහභාගි වූ විරෝධතාවක් තිබුණා.

පොලීසිය විසින් මේ විරෝධය කරගෙන යන්න එපා කියලා මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගත්තා. විසිදෙනෙකුගේ විරෝධතාවක් නවත්වපු පොලිසිය ජූනි 12 වැනිදා සිදුවීමෙන් පසුව අලූත්ගම, දර්ගා නගර ප‍්‍රදේශවල පොලිස් නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් සිටියදීත් පන්දාහක් එකතුවෙලා කරපු රැස්වීම නවත්වන්න කියලා මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ නැහැ. ඒ රැුස්වීම නිසා තමයි පැහැදිලිවම මේ සිදුවීම් ඇති වුණේ.

දැන් විත්තිකරුවන් විය යුතු අයම පොලිසියට අභියෝග කරනවා පුළුවන් නම් නඩු දාන්න කියලා. ඉතිහාසයේ කවදාවත් මෙහෙම තිබුණේ නැහැ. ඒ කණ්ඩායම්වලට ලොකු සහතිකයක් ලැබිලා තියෙනවා මොනවා කළත් තමන්ට අත තියන්නේ නැහැ කියලා.

ජූලි 2වැනිදා පොලිසිය විසින් ඥානසාර හිමියන්ගෙන් ප‍්‍රශ්න කරන බව ප‍්‍රකාශයක් නිකුත් කරනවා. ඊට පෙර දින ඥානසාර හිමි කියනවා මාව අත්අඩංගුවට ගන්න කියලා.
අලූත්ගම සිදුවීම වෙලා සති දෙකක් වෙනවා. සීඅයිඞී එක සති දෙකක් තිස්සේ නිදාගෙන ද හිටියේ. හාමුදුරුවන්ගෙන් අවසරයක් ලැබෙනකම්ද හිිටියේ, මගෙන් ප‍්‍රශ්න කරන්න කියලා.

මේක රටේ මිනිස්සු මෝඩයෝ කියලා හිතලා කියන කතන්දරයක්. අද ලෝකයේ මාධ්‍ය ඉතාමත් වේගයෙන් කි‍්‍රයාත්මක වෙනවා. ජුනි 01 වැනිදා නිවුස්වීක් ස`ගරාවෙන් මේ සිදුවීම ගැන කතා කරලා තිබුණා. මේවා ඉතාම වේගයෙන් ලෝකයට යනවා.

 

පසුගිය සතියේ ඔබත් ඇතුළු නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් අලූත්ගම සංචාරයක යෙදුණා. අලූත්ගම ප‍්‍රදේශයේ ජනතාවට නීති ආධාර ලබාදීම සඳහා සොයාබැලීමට ගිය ඒ අවස්ථාවේ නිරීක්‍ෂණය කළ හැකිවූ දේ මොනවාද?

ඒ වෙලාවේ අපි දුටු දෙයක් තමයි ඉතාමත් පුදුම සහගත විදියට මේ ගෙවල් ගිනි අරගෙන තිබුණේ. විශේෂයෙන් මුස්ලිම් ගෙවල්. මේ වගේ අවස්ථාවකදී සාමාන්‍යයෙන් පොලිසිය ගත්ත පියවරක් තමයි රජයේ රස පරීක්ෂකවරයා කැඳවලා පරීක්ෂණ කිරීම. ඒ කිසිවක් නැතිව හමුදාවෙන් දාලා මේ සියල්ල යුද්ධ කරනවා. තියෙන සාක්ෂි ඔක්කොම අතුගාලා දානවා. ලංකාවට එරෙහිව සම්මත කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවේ විශේෂයෙන් තියෙන කාරණයක් තමයි මේ රටේ නීතියේ ආධිපත්‍යය නැතැයි කියන එක. ලංකාවේ නීතියක් කි‍්‍රයාත්මක වෙනවාද කියන ප‍්‍රශ්නය නැගෙනවා. මේ වැඩවලින් ලෝකය ඉදිරියේ එවන් පරීක්ෂණ සාධාරණීය වෙනවා. රටක් ජනතාවත් බිල්ලට දීමක් සිද්ධ වෙනවා.

 

මානව හිමිකම් මහකොමසාරිස්ගේ යුද අපරාධ විමර්ශන කමිටුවේ පරීක්ෂණය ලංකාව තුළ කරන්න ආණ්ඩුව අවසර දුන්නේ නැහැ. දැන් ලංකාවේ ඉඳන් අන්තර්ජාතික පරීක්ෂණයට සාක්ෂි දෙන අය නීතිය යොදවලා වළක්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. එසේ කළ හැකිද?

සත්‍යය කතා කිරීම කාටවත් තහනම් කරන්න පුළුවන්කමක් නැහැ. ආණ්ඩුව වශයෙනුත් සත්‍යය කතා කරන්න ඕනෑ. වෙනත් පාර්ශ්ව වශයෙනුත් සත්‍යය කතා කළ යුතුයි. ඒ සඳහා දැනට තහනමක් නැහැ. ඉදිරියේදී පනතක් හදනවාද කියලා දන්නේ නැහැ. එහෙත් කිවයුතුයි, මෙවැනි නීති මගින් ඔවුන්ට නොකළ යුතු දේ කිරීම සඳහා අනුබලයක් ලැබෙනවා.

 

වනාතමුල්ලේ නිවාස කැඞීමේ සිදුවීමට එරෙහිව නීතිඥ සංගමය මැදිහත් වුණා. දැන් නැවතත් එම නිවාස කඩා දැමීමේ සූදානමක් තියෙනවා. ඔබගේ සංගමය මෙය දකින්නේ කොහොමද?

ලංකාවේ මොන ප‍්‍රදේශයේ වුණත් කවුරුහරි ජන කොට්ඨාසයක් පදිංචිවෙලා ඉන්නවා නම් ඔවුන් පුංචි ළමයින් හා කාන්තාවන් එක්ක පවුල් විදියට පදිංචිවෙලා ඉන්නේ. මෙවන් අවස්ථාවකදී පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් නීති සම්ප‍්‍රදායයන් තියෙනවා. රජයට අයත් ඉඩම් ආපහු අත්පත් කරගැනීමට පනත් තියෙවා. ඔය කියන ඉඩම් රජයට අයත් ඉඩම් නම් නීතිමය ප‍්‍රතිපාදන යටතේ අධිකරණය ඉදිරියට ගිහිල්ලා ඉල්ලීමක් කරලා මේ අයට නොතීසි නිකුත් කරන්න පුළුවන්. ඉන්පසුව ඉඩම්වල පදිංචිවෙලා ඉන්න අයට පුළුවන් අධිකරණය ඉදිරියට ගිහින් ඉඩමේ අයිතිය ගැන කරුණු දක්වන්න. ඊට පස්සේ තමයි අධිකරණය නිගමනය කරන්නේ ඉඩම් අයිති කාටද කියලා. ඉන් පසුව ඔවුන්ට අභියාචනය කරන්න පුළුවන්. සියල්ල අවසාන වූ පසුවත් ගියේ නැතිනම් නීතියේ මාර්ගයෙන් පොලීසිය යොදලා ආඥාවක් නිකුත් කරලා ඔවුන් ඉවත් කරන්න පුළුවන්. හමුදාව යොදාවලා ඩෝසර් දාලා මිනිස්සු එළවන රටක් ලෝකේ කොහේවත් නැහැ.

රජයට අයත් ඉඩමක් නම් ඒක ගැසට් කරන්න ඕනෑ. ගැසට් එක ඉඩමේ ඉන්න අයට දීලා ඔවුන්ට අවස්ථාවක් දෙන්න ඕනෑ, අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා. ඉන්පසුව ඉඩම්වල වටිනාකම් තක්සේරු කරලා ගෙවිය යුතු වන්දි මුදල් ගෙවන්න ඕනෑ. ඒ ඉඩම්වල අයිතිය ලබාගැනීම සඳහා මේ පනත් දෙක විතරයි තිබෙන්නේ.

 

ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය මේ වගේ සිදුවීම් සම්බන්ධයනේ මැදිහත් විය යුත්තේ ඇයි?

නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව යටතේ අපේ අරමුණුවල තිබෙනවා නීතියේ ස්වාධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කළ යුතු අවස්ථාවල අපි මැදිහත් වීමක් කළ යුතුයි කියන එක. විශේෂයෙන් නීතිඥවරුන් හැටියට සේවාදායකයන්ගේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙනුයි අපි සටන් කරන්නේ.

එසේ සටන් කිරීම පමණක් නොවෙයි නීති ආධාර ලබාදීමත් අපේ කොටසක්. විශේෂයෙන් නීති ආධාර කොමිෂන් සභාවට හය දෙනෙකුගේ නම් යෝජනා කරන්නේ නීතිඥ සංගමය විසින්. ඉතින් එවන් තත්ත්වයක් යටතේ විශාල ජනකොටසකට මෙවන් සිදුවීමක් සිදුවෙනකොට අපි නිශ්ශබ්දව සිටියොත් ඒක සදාචාර සම්පන්න වෙන්නේ නැහැ. අපි දකින්නේ ලංකාවේ ඉන්න එකම ජාතිය ශී‍්‍ර ලාංකිකයෝ කියලා. මෙච්චර කල් අපට ද්‍රවිඩ මිනිස්සු එක්ක ප‍්‍රශ්න ඇතිකරගෙන තිබුණා. අද අපි බරපතළ ප‍්‍රශ්නෙකට රට ඇදගෙන යනවා. මුස්ලිම්වරුන් එක්ක. මෙතෙක් කල් මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව සහජීවනයෙන් ජීවත් වුණා. සිංහල අයට මුස්ලිම් නම් තිබුණා. මුස්ලිම් අයට සිංහල නම් තිබුණා. එහෙත් අලූත්ගමදී කුඩා දරුවන්ට පවා කරදර සිද්ධවෙලා තිබුණා. සමහර සිංහලයන් මුස්ලිම් අයව බේරගන්න පවා ඉදිරිපත් වෙලා තිබුණා. ඒක තමයි ඔවුන්ගේ වගකීම. අද බොහෝ දෙනා කියනවා පහර දුන්නේ තමන් නොදන්නා පිරිසක් බව. ඒක තමයි භයානකම ගැටලූව. කවුද මේ කට්ටියව ගෙනාවේ. කවුද ඔවුන්ට උදව් දුන්නේ. කවුද මේ අපරාධය වෙනකන් උඩ බලාගෙන හිටියේ. යම්කිසි කි‍්‍රයාවක් කිරීම වැරැද්දක් වගේම කි‍්‍රයාවක් නොකර ඉඳීමත් ඒ හා සමාන වැරැුද්දක්. පොලීසිය විසින් මේ සිද්ධිදාමය සිදුවෙද්දී අහක බලාගෙන ඉඳීම ඔවුන් ඒ අපරාධයට සහාය දැක්වීමක් වෙනවා.

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us