රැල්ලත් එක්ක පොර බදන්න අපට සිද්ධ වෙලා - රංග බණ්ඩාරනායක

Saturday, 09 August 2014 15:52
රංග බණ්ඩාරනායක අප සැම හඳුනන්නේ ජාතික රූපවාහිනියේ ප්‍රවීණ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ටෙලිනාට්‍ය, අධ්‍යක්ෂකවරයෙක් ලෙසයි. ඔහු නිර්මාණයට දායක වූ ‘සිත නිවන කතා’ වැනි ඒකාංගික ටෙලි නිර්මාණ අදටත් ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක්වෙනවා. මේ දිනවල රංග ගැන කවුරුත් යළිත් වරක් කතා බහ කරන්නේ ඔහුගේ අලුත් ම ටෙලි නිර්මාණය වන ‘භවාන්තර’, ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීම නිසයි. රංග සමඟ යෙදෙන මේ කතා බහ ද පෙළ ගැසෙනුයේ ඔහුගේ නවතම ටෙලිනාට්‍ය නිර්මාණය වෙනුවෙනි.
 ‘භාවාන්තර’ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.30 ට විකාශය වෙයි.
 
මෙහි කතා තේමාව මොකද්ද?
 
ප්‍රේමය මුල් කරගත් කතා තේමාවක්. ඊට අමතර මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය ඉස්මතු කරමින් මෙය ගොඩ නැ‍ඟෙනවා. මෙහි කතා රචකයා චාමර කොඩිතුවක්කු. හේමසිරි ලියනගේ, විශ්වජිත් ගුණසේකර, රශ්මි අබේකෝන්, දුලන්ති කෞශල්‍යා, පුබුදු චතුරංග වැනි ප්‍රවීණ පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
 
ඔබ ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ දශක දෙකකට ආසන්න කාලයක සිට කටයුතු කරනවා...?
 
මම ජාතික රූපවාහිනියට මුලින් ම සම්බන්ධ වෙන්නේ නාට්‍ය ඒකකයට. ඒ දැනට වසර 17 ක‍ට පමණ පෙරාතුව. නිෂ්පාදකවරයෙක් විදිහට තමයි වැඩ කළේ. නාට්‍ය ඒකකයේ ‍නිෂ්පාදනවලට සම්බන්ධ වී වැඩ කරගෙන යනවා. මූලික වශයෙන් ම ‘හිත නිවන කතා’ ටෙලිනාට්‍ය මාලාවේ අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් මම දයාරත්න රටගෙදර සමඟ වැඩ කළා. මමත් ඒ අනුව ‘හිත නිවන කතා’ ඒකාංගික ටෙලිනාට්‍ය 60 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
 
අද සතිපතා යන ටෙලිනාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකයන් ඉන්නවාද?
 
සාමාන්‍යයෙන් අද දවස වනවිට ප්‍රේක්ෂකයන් අවිවේකී ජීවිතයක් ගත කරන්නේ. එදිනෙදා ජීවිතයේ තිබෙන කාර්ය බහුලකමත් එක්ක එක දිගට ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂක සංස්කෘතියක් හමුවෙනවා අඩුයි. දිනපතා යන මෙගා නාට්‍ය රැල්ල ක්‍රියාත්මක වෙන නිසා මේවාට අහුවුණු ප්‍රේක්ෂකයන් ගලවා ගන්නට මේ වගේ සතිපතා ටෙලිනාට්‍ය කරන අපිට මේ රැල්ල එක්ක ටිකක් පොර බඳින්න සිද්ධ වෙනවා.
 
‘සිත නිවන කතා’ වැනි ඒකාංගික ටෙලිනාට්‍ය සඳහා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවගේ ද?
 
බෞද්ධ ආගමික පසුබිමක් තිබෙන රටක් ඇතුළේ ‘සිත නිවන කතා’ වලට ලැබුණු ප්‍රතිචාර ඉතාම ඉහළයි. ඒ සඳහා ප්‍රබල මැදිහත්වීමක් ප්‍රේක්ෂකයන් තුළ තිබුණා කියා හිතෙනවා. පෝය දිනයට තමයි මෙය විකාශය වෙන්නේ. ‘සිත නිවන කතා’ හරහා අපි උත්සාහ කළේ හරවත් යමක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්නයි. ඒ සඳහා හරවත් පිටපත් රචනා අපි උපයෝගී කර ගත්තා.
 
ඔබේ ‘භවාන්තර’ ටෙලිනාට්‍යයට ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන විදිහට ද ලැබෙන්නේ?
 
‘සිත නිවන කතා’ මාලාවට ලැබුණා මෙන් ම ඒ ප්‍රේක්ෂක සමූහයම මං හිතන්නේ මගේ ‘භවාන්තර’ ටෙලිනාට්‍යය සමඟත් රැඳී ඉන්නවා වෙන්න පුළුවන්.
 
අද නිර්මාණය වන ටෙලිනාට්‍ය ගැන මොකද හිතන්නේ?
 
එයට දොස් කියන්න බැහැ. අද සමාජය ‍ගමන් කරන්නේ ආර්ථික ලාභය පමණක් අරමුණු කරගත් පැත්තකට. හැම මිනිහෙක් ම මුදල් ඉපැයීම කියන කාරණය මුල් කරගෙන තමයි වැඩ කරන්නේ.‍ සමාජයක් ඒ විදිහට පවතිද්දී ටෙලිනාට්‍ය කලාවට විතරක් වෙනම විදිහක පවතින්න අමාරුයි. එය දෝෂාරෝපණය කළ යුතු දෙයක් ලෙස මම සලකන්නේ නැහැ‍. නමුත් නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු වශයෙන් අපිට යම් කාර්යභාරයක් කරන්නට තිබෙනවා. ඒ හරවත් යමක් ප්‍රේක්ෂකයාට ලබාදීම. රූපවාහිනි ටෙලිනාට්‍ය කලාව ප්‍රේක්ෂකයා සමඟ නිරන්තර ගනුදෙනුවක් කරන මාධ්‍යයක් නිසා.
 
ඔ‍‍‍බේ පියා ධර්මසිරි බණ්ඩාරනායක ගෙන් ඔබගේ නිර්මාණ දිවියට ලැබෙන අත්වැල මොනවගේ ද?
 
තාත්ත මම චිත්‍රපටයක් නිර්මාණය කරනවා නම් එයට ගොඩක් කැමැත්තෙන් ඉන්න බව පෙනෙනවා. මම කරන සමහර දේවල් සම්බන්ධව ඔහුගේ විවේචනත් තිබෙනවා.
 
(silumina)

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us