ඉන්දියාවේ ලාබාලම රාගධාරී ගිටාර් ශිල්පියාට ලංකාවෙන් අනුග්‍රාහකයෙක්(video)
ඉන්දියාවේ සිටින ලාබාලතම රාගධාරි ගිටාර් වාදන ශිල්පියා ෂහනාවාස් අහමඩ් ඛාන් පසුගියදා තම ප්‍රථම සංගීත ඛණ්ඩ තැටිය එළිදැක්වීය. ‘බටහිර සංගීත ඛණ්ඩ රාගධාරි ක්‍රමයට’ නම් වූ මෙම සංගිත ඛණ්ඩ එකතුව නිෂ්පාදන දායකත්වය ලබා දුන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවාගේ ප්‍රධානත්වයෙන් යුතු හවුස්ෆුල් මුවීස් ආයතනය විසිනි. මෙහි සංවිධාන කටයුතු ෂහනාවාස් අහමඩ් ඛාන්ගේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ කටයුතු නිළධාරිණි කෞෂල්‍යා වික්‍රමසිංහ විසින් සිදු කරන ලදී.
‘‘පරචිත්ත ඥානය’’ යනුවෙන් හැඳින්වෙන්නේ අනුන්ගේ සිත දැකීමේ, කියවීමේ හැකියාව යි. මෙම හැකියාව තිබූ ලොව පසිඳුම පුද්ගලයා වූයේ ගෞතම බුදුන් වහන්සේ ය. උන්වහන්සේ හැරුණ කොට විවිධ ඍෂිවරුන් ද, දියුණු ආධ්‍යාත්මික බලයකින් හෙබි පුද්ගලයන් ද මෙම හැකියාවෙන් යුක්ත වුවන් බව අප අසා ඇත. එහෙත් මෙය ප්‍රබන්ධකරුවා/කාරිය වෙත ද ඇතැයි පැවසුවහොත් ඔබ විශ්මයට පත්වනු ඇත. විශ්මයට පත් නොවන්න! සැබවින් ම ප්‍රබන්ධකරුවා/කාරිය යනු අන් අයකුගේ හෝ පිරිසකගේ සිත් කියවන්නෙකි; කියවන්නියකි.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ශ්‍රී ලාංකීය ලේඛක ලේඛිකා නාමාවලියක් ප්‍රකාශයට පත්කොට ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම ලේඛනයේ යෙදෙන ලේඛක ලේඛිකාවන් දෙදහසක ගේ පමණ තොරතුරු මෙම නාමාවලියට ඇතුළත්ව ඇති අතර අදාළ ලේඛක ලේඛිකාවන්ගේ ලිපින, දුරකතන අංක සහ විද්‍යුත් ලිපින ද මෙහි අන්තර්ගත ය.
මාර්තු 8 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නදීකා බංඩාරගේ මරියාගේ රමණය නාට්‍යය එදින සවස 6.30ට මරදාන ටවර් රඟහලේදී වේදිකා ගතවීමට නියමිතය.
සිතුවම් කලාවේ ප්‍රමිතිය කඩා වැටිලා - ප්‍රවීණ චිත්‍ර ශිල්පී ගාමිණි අබේකෝන්
ගාමිණි අබේකෝන් ගේ ‘‘LINE POETRY’’ නමැති සිතුවම් ප්‍රදර්ශනය පෙබරවාරි 27 වන දින සවස 06.00 ට.Lional Wented කලාගාරයේ දී විවෘත වන අතර පෙබරවාරි 28 වන දින සිට මාර්තු 02 දක්වා උදැසන 08.30 සිට රාත්‍රි 08.30 දක්වා විවෘතව පවතී.
ව්‍යංගාර්ථ රසයෙන් අනූන වූ ‘‘සංක්‍රාන්තියක සැණකෙළි’’
කිසියම් කාව්‍ය රචකයකුගේ හෝ රචකාවියකගේ කාව්‍යය සංග්රහයක අන්තර්ගතවන කාව්‍ය නිර්මාණ සියල්ල ම සියයට සියයක් සාර්ථක නොවන බව යථාර්ථයකි.
රංග මදිරා (පළමු පියවර- ‘වැලන්ටයින් ඉවර නෑ’)
සාහිත්‍යය සහ සිනමාව මූලිකකොට ගනිමින් සාහිත මධු සාදය සහ සිනමා මධු ලෝලය නම් වූ වැඩසටහන් ඉදිරිපත් කළ සංස්කෘතික විමුක්ති ගිවසුම සංවිධානයේ අලූත්ම ප්රයත්නය වන්නේ ලාංකේය වේදිකා නාට්‍ය කලාව පිළිබඳව කරන රසික - සහෘද මහජන සම්භාෂණයේ ‘රංග මදිරා’ ය.
ලෝරන්ස්ගේ මනමාලී ප්‍රවීණයන් සිව් දෙනෙකුට උපහාර පුදකරනවා - සුජීව ප්‍රියාල්
"ලෝරන්ස්ගේ මනමාලි" වේදිකාවට නැවුම් වෙනසක් ගෙන එන නාට්‍යයක්. මාස හයක් ගත වෙද්දී දර්ශන වාර පනහක් නිමා කළ "ලෝරන්ස්ගේ මනමාලි" මෙම සඳුදා (23 දා) තවත් අලුත් වෙනසක් වේදිකා නාට්‍ය ක්ෂේත්රයට එක් කිරීමට සූදානම්. මොකක්ද මේ වෙනස? ඒ පිළිබඳ "ලෝරන්ස්ගේ මනමාලි" අධ්‍යක්ෂ සුජීව ප්‍රියාල් යද්දෙහිගේ සමග කළ කෙටි පිළිසඳරකි මේ.