‘‘මෙසායා හෙවත් දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවා’’

Published in කලා
Tuesday, 19 May 2015 13:16

පූජ්‍යය මිස්සක කමලසිරි හිමි විසින් රචිත ‘‘මෙසායා හෙවත් දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවා’’ නමැති කෘතිය පසුගිය 12 වන දින (2015-05-12) කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. මතු දැක්වෙන්නේ එදින කතුවර හිමි විසින් වදාළ දේශනය ඇසුරින් සැකසුණ ලිපියකි.

දඹදිව වන්නදනාවක නියුතුව සිටි මම එක්තරා සන්ධ්‍යාවක පැරණි ජේතවන විහාර භූමියේ සිට පැරණිශ‍්‍රාවස්ති නගරයේ නටබුන් පිහිටි දෙසට ඇවිද යමින් සිටියෙමි. මග වැටී තිබෙන්නේ කුඹුරු යායක් මැදිනි. එය අස්වනු නෙළා අවසන් කාලය බැවින් කුඹුරු යායේ ළමෝ පිරිසක් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නියුතු වෙමින් සිටියහ. එම අවස්ථාවේ එළු රැළක් දක්කාගෙන යන කාන්තාවක් ද එම කුඹුරු යාය මැදින් ගමන් කළා ය. එළුවන්ගේ ගමන ළමයින්ගේ ක‍්‍රීඩාවට බාධාවක් විය. එම බාධාව කෙතෙක් ද යන්න විකට් කණු පවා ගැලවී ගියේ ය.එබැවින් එම අවස්ථාවේ කුඹුරු යාය මැදින් එළුවන් දැක්කාගෙන යාම පිළිබඳ ළමයින්ගේ විරෝධය පළ විය. එසේ විරෝධය පළ වුව ද එම ඉසව්ව අදාළ කාන්තාව දිනපතා එළු රැළ තම නිවසට රැගෙන යන මාර්ගය විය හැකි යැයි මට සිතිණ. ළමයින් ගේ විරෝධය නොතකා එළු රැළ දක්කාගෙන යන මෙම ගොපලූ කාන්තාවට ළමයින් ගේ වාග් ප‍්‍රහාරය එල්ල වූයේ අරම පුදුම ආකාරයකට ය. ඉන් කියවුණේ ‘‘ඌරු මස් කාපන්’’යනුවෙනි. කාන්තාව ද පෙරළා බිනුවේ ‘‘හරක් මස් කාපන්’’ යනුවෙනි.

ආගමික සංකල්පය අවලාදයක් ලෙස 

මෙම ප‍්‍රකාශයෙන් ගම්‍යවන්නේ කුමක් ද? මෙම ප‍්‍රකාශය හරහා මේ ගොපලූ කාන්තාවගේ සහ ළමයින්ගේ ආගම් කුමක් ද යන්න පැහැදිලි නොවන්නේ ද? මෙම බහින්බස් වීමේ දී එකෙකු අනෙකාට රිදවන්නේ ඔවුනොවුන්ගේ ආගම මතු කරගෙන නොවන්නේ ද? එහෙත් ගැටුම තිබෙන්නේ කොතැන ද? ගොපලූ කාන්තාවක් එළු රැුළක් දක්කාගෙන යාම හේතුවෙන් ක‍්‍රීඩා කරමින් සිටි ළමුන්ගේ ක‍්‍රීඩාවට බාධා වන පරිදි විකට් කණු කිහිපයක් ගැලවී යාම ය. එසේ නොවන්නේ නම් ගොපලූ කාන්තාව ගමන් ගන්නා මාර්ගය අවුරා ළමයින් ක‍්‍රීඩාවේ නිරතවීම ය. එහෙත් ඔවුන් ගැටෙන්නේ උත්තරිතර ආගමක් සහ ආගමික සංකල්පයක් අවලාදයක් බවට පත්කරගනිමිනි.

මෙම අවස්ථාවේ මම සිහිපත් කළේ වෙනත් කරුණකි. ඒ, මින් වසර දහස් ගණනකට පෙර ඉතිහාසයේ එනම්, ක‍්‍රි: පූ: 6 වන සියවසේ ශ‍්‍රාවස්තියේ ආගමික සහ දාර්ශනික සංවාදයන් පිළිබඳව ය. එම සංවාද කෙතරම් ගරු ගාම්භීර ද? එම සංවාද මගින් බිහි කරන ලද දැනුම ලෝකයට බලපෑවේ කුමනාකාරයට ද? වර්තමානයේ එහි වටිනාකම එදාටත් වඩා වැඩි නොවන්නේ ද? පිලෝතික, සච්ඡුක, ජානුස්සෝනි ආදීන් පමණක් නොව කුණ්ඩලකේෂී යනාදී කාන්තාවන් ද මෙම නගරය තුළ මහා දාර්ශනික සංවාදවල නිරත වූවා නොවේ ද? ආගමික සංකල්පයන් පිළිබඳ වාද විවාද පැවැත්වූවා නොවේ ද? නමුත් මහා සංස්කෘතියක් විනාශ වී ගිය පසු එහි සිදුවන්නේ කුමක් ද? නූගතුන් බිහි වීම ය; බුද්ධිය යටපත්වීම ය. එවිට මතු වන්නේ කෙතරම් ග‍්‍රාම්‍ය හැසිරීම් ද?

මෙම සිදුවීම මම නැවත නැවතත් සිහිපත් කරන්නේ අන්තර්ජාලයේ සහ සමාජ වෙබ් අඩවිවල ආගමික වශයෙන් අවලාද නගාගන්නා සහ එකිනෙකා අතර සිදුවන විවේචන දැකීමෙනි; සංවාද ඇසීමෙනි. එම සංවාද සිදුවන්නේ අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් වීම කෙතරම් ඛේද ජනක ද? බොහෝ විට එම සංවාද කෙරෙන්නේ ජාත්‍යන්තර භාෂාවකිනි. එසේ වුව ද ඔවුන් ගේ සංවාද අතීතයේ ශ‍්‍රාවස්තියේ විසූ ගැමි මිනිසුන්ගේ හැසිරීමෙන් වෙනස් නොවන්නේ ය. ඇතැම් විටෙක ඊටත් වඩා රළු ය; පිරිහුණු ලක්ෂණවලින් යුක්ත ය. මෙම තත්ත්ව සුළු කොට තැකිය හැකි ද? 

සැබැවින් ම එය මේ මොහොතේ විස්තර කළ නොහැකි තරමේ අනාගත අර්බුද රුසක් නිර්මාණය කරමින් තිබේ. අපේ සමාජය තුළ නිර්මාණය වෙමින් පවතින ආගමික සංස්කෘතිය ඉතාම ග‍්‍රාමීය තත්ත්වයකට පත්වීම අනිවාර්ය බව පෙන්නුම් කරයි. අපි ලෝකයට පවසන්නේ අපි ආගමික සංස්කෘතිය මගින් හැඩ ගැසෙන රටක් ලෙස ය. එය එසේ විය හැකි ය. එහෙත් අද අපේ සංස්කාතිය හරහා බිහි වෙමින් පවතින්නේ අශිෂ්ට ආගමික සංස්කෘතියකි. එක් ආගමිකයකු තවත් ආගමක් පිළිබඳ දරන මතය ඉතාම ප‍්‍රාථමික සහ ග‍්‍රාම්‍ය ය. අන් ආගමක් හෙළා දකින ආකාරය අශිෂ්ට ය; අසභ්‍ය ය. ඇතැම් විට අන් ආගමකට නගන චෝදනා කිසි විටෙක එකී ආගමට අදාළ නැත. බෞද්ධ නාමයෙන් පෙනී සිටිමින්, බුදු සමය රකින්නන් යැයි කියා ගනිමින් අන් ආගම් පිළිබඳ නගන අවලාද බොහෝමයක් එකී ආගම්වලට අදාළ නැත. පසුගිය කාලයේ බුදුන් වහන්සේ මිනී මස් වැළඳුවේ යැයි කළ චෝදනාවකට එරෙහිව අධිකරණයට යාමට සිදුවිය. අධිකරණය උන්වහන්සේ නිදොස් කොට නිදහස් කළේ ය. එහි දී අපේ චූදිතයා බවට පත්වූ පුද්ගලයා පෙනී සිටියේ තම ආගමේ පරම පවිත‍්‍රත්වය ලෝකයට විශද කරන පඬිවරයකු ලෙසින. එහෙත් මෙබඳු පුද්ගලයන් අඳබාල පුද්ගලයන් වන අතර එහි භයානක ප‍්‍රතිඵල මේ සමාජයට අත්විඳින්නට සිදුවන්නේ කිසිවකු, කිසිසේත් ම නොසිතන ආකාරයටය.

ආගමික කොඩියෙන් ආවරණය වූ ගැටුම

‘‘මෙසායා හෙවත් දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවා’’ නමැති කෘතිය ලියන්නට මා පෙලඹ වූ එක් හේතුවක් වන්නේ මෙම පසුබිම යි. ඒ, ආගම සහ ආගමික සංස්කෘති දෙස ශිෂ්ට සම්පන්නව බැලීමට සහ පෙලඹවීම ස`දහා ය. එමෙන්ම විධිමත් අන්තර් ආගමික සංකල්ප වටහා දීම සඳහා ය. අපි නොදැන සිටිය ද,වටහා නොගත්ත ද, අපේ එදිනෙදා ජීවිතයට ඍජුව බලපාන සංකල්ප පිළිබඳව අවදි කරවීමට ය.

දාර්ශනිකයන්ට සහ විද්‍යාර්ථයන්ට සංවාද කරන්නට බොහෝ දාර්ශනික ගැටලූ ආගම් අතර තිබිය හැකි ය. එහෙත් සාමාන්‍ය ජනයාට එම ගැටලූ නැත. ලංකාවේ ආගමික සංස්කෘතියේ ඇත්තේ එක් සාධකයකි. ඒ දේවාභිවාදනය යි. එම දේවාභිවාදනයේ පරස්පරතා දෙකක් පමණ ඇත. ඒ. බෞද්ධයන් සර්වබලධාරී දෙවියකු පිළි නොගැනීම ය. එසේ නොවන්නට සැම සාමාන්‍ය මනුෂ්‍යයෙක් ම ආගමික වශයෙන් දරන්නේ සමාන ආකල්පයකි. ඒ තම සිතුම් පැතුම් ඉටු කරදෙන දෙවියකු පිළිබ`ද බලාපොරොත්තුව යි. බුදු දහමේ එන නිවන හෝ අන් ආගම්වල එන ස්වර්ගය පිළිබ`ද සාමාන්‍ය ජන සමාජය තුළ පවත්නේ උදාසීන හෝ නොසලකා හැරිය හැකි මානසිකත්වයකි. පොදු සමාජය තම එදිනෙදා ජීවිතයේ ගැටලූ විසඳා ගැනීමේ දී ආගමෙන් ලැබෙන පිටුවහල සහ රැුකවරණය පිළිබඳ පමණක් සිතති. සමාජයේ අතළොස්සක් පිරිස ආගම්වල උත්තරීතර අරමුණ වෙනුවෙන් කැප වෙති. ඔවුන්ට අන් ආගම් සහ එම මත වැදගත් නැත.

 එසේ හෙයින් සාමාන්‍ය ජන සමාජයේ ආගමික වශයෙන් බරපතල මතවාදීමය ගැටුම් නැත. ආගමික සංකල්ප පිළිබඳ මතවාදි ගැටුමකට හෝ සංවාදයකට ප‍්‍රවිශ්ට වන්නටසාමාන්‍ය මිනිසුන්ට අවශය ද නැත. එබැවින් ලංකාව තුළ ආගමික වශයෙන් සාමකාමි තත්ත්වයක් පැවතිය යුතු ය. එහෙත් අපේ සමාජයේ ආගමික සංහිඳියාව නොමැත. එය ක‍්‍රමානුකූලව මහා පරිමාණයේ ගැටුම් කරා පරිවර්තනය වෙමින් පවතින බවක් දක්නට ඇත. මේ ආගමික කොඩි යටතේ සිදුවන ගැටුම සැබැවින් ම ආගමික ගැටුමක් ද? එයට පැහැදිලි සහ ඍජු පිළිතුර නම් ‘‘නැත’’ යන්න ය. වර්තමානයේ පවත්නේ දේශපාලනික ගැටුම් ය. එහෙත් එම ගැටුම් සිදුවන්නේ ආගමික කොඩිය යටතේ ය. සියලූ ම ආගමික කණ්ඩායම් වටහා ගතයුතු යමක් ඇත. එනම්, මෙය දේශපාලනික ගැටුමක් යැයි පැහැදිලි කර ගැනීම ය. ඒ සඳහා නිදසුන් දෙකක් දක්වමි. 

“බෝරා’’ සහ ‘‘පාසි’’ යනු ආගම් ද්විත්වයකි. මෙය ලංකාවේ පවතින ඉතාමත් සුළු ආගමික නියෝජනයකි. එබඳු ආගම් ද්විත්වයක් මේ රටේ තිබෙනවා ද යන්න දැන සිටින්නේ ද ඉතා සුළු පිරිසකි.එහෙත් මෙම ආගම් ද්විත්වයට කිසිඳු ආගමික ගැටලූවක් නොමැත. එම ආගමිකයන් ද තමන්ට ගැටලූ නැති බව පවසයි. එහෙත්අනාගතයේ දී මෙම සුළුතර ආගම්වලට පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දෙන්නට රජය තීරණය කළහොත් සිදුවන්නේ කුමක් ද? එදාට සිදුවන්නේ එකී ආගම් ද්විත්වයට එරෙහිව පිරිසක් අවි අමෝරා ගැනීම ය. මෙම ආගම්වලට ආගමික ගැටලූ නොපවතින්නේ ඔවුන් පවතින දේශපාලන ප‍්‍රවාහයට ඍජුව ඇතුළත් වී නොමැති හෙයිනි. යම් ආකාරයකින් එසේ ඇතුල් වුව හොත් එය මෙම සමාජයේ ආගමික ගැටුමක් නිර්මාණය කරන බව සක් සුදක් සේ පැහැදිලි ය. මෙම උදාහරණය ගෙනහැර පෑවේ ‘‘ආගමික ගැටුම්’’ ලෙසින් පවතින‘‘දේශපාලනික ගැටුම’’ පැහැදිලි කිරිම පිණිස ය.

දේශීය දේශපාලන ප‍්‍රවාහය

ලංකාවේ ආගමික සංහි`දියාව බි`දින්නට හේතුවන දේශපාලන ප‍්‍රවාහයන් දෙකක් ඇත. ඉන් පළමුවැන්න දේශීය දේශපාලන ප‍්‍රවාහය යි. දෙවැන්න ජාත්‍යන්තර දේශපාලන ප‍්‍රවාහය යි. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ආගමික සහ වාර්ගික පදනමින් නියෝජිතයන් පත්කිරීම ආරම්භ වූ දා සිට අපේ සමාජය ආගමික ගැටුමක් කරා ඇදී ගොස් ඇත. අනතුරුව මහජන ඡුන්දයෙන් තොරා පත්කරගන්නා යුගය එළඹෙන විට මෙම ආගමික සහ දේශපාලනික සංස්කෘතිය සමාජගතව තිබූ අතර වර්තමානයේ ද සෑම දේශපාලනප‍්‍රවාහයකට ම ‘‘ලාභදායක දේශපාලනය’’ වී තිබෙන්නේ ආගම යි. එහි අනිසි ප‍්‍රතිවිපාක සැම ආගමක් ම භුක්ති විඳින අතර බුදු දහම මේ රටේ බහුතරයේ ආගම වූ නිසා ම අපි එහි නරකම ප‍්‍රතිඵල අත්විදිමින් සිටිමු.

මුල් යුගයේ සැම දේශපාලන පක්ෂයකට ම එහි ග‍්‍රාමික බලවේග පැවතුණි. ඒ අතර වෘත්තීය සමිති සමාගම් මූලික විය. එහෙත් පසුගිය වකවානුවේ පැවති ආණ්ඩු බොහොමයක් හිතාමතා ම ඉතාමත් අමනෝඥ ආකාරයෙන් වාත්තිය සමිති සහ ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය කළ අතර ඒවා සම්පූර්ණයෙන් ම අකර්මන්‍ය කළේය. අද වන විට වෘත්තිය සමිති දේශපාලනිකව අහෝසි වී ගොස් ඇත. ඒ අතර ඉතිරිව තිබෙන එකම සංවිධාන ජාලය ආගම පමණි. එය හේතු කර ගෙන වර්තමාන දේශපාලනඥයන් ඉතාමත් අශීලාචාර අන්දමින් ආගමික සංවිධාන දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනේ. ඒ අතර භික්ෂූහු වෘත්තීය උද්ඝෝෂකයෝ බවට පත්ව සිටිති. මෙවැනි උද්ඝෝෂණ සඳහා අවශ්‍යය මිනිස් ශ‍්‍රමය වර්තමානයේ සොයාගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. තිබේ නම් ඒ පන්සල් ආශ‍්‍රිතව පමණි. එ’නිසා දේශපාලනික වශයෙන් මෙම අවභාවිතාව විශාල වශයෙන් සිදුකරයි. මෙම ක‍්‍රියාදාමයේ නරක ම ප‍්‍රතිඵල රැුසක් තිබුණත් එහි පවතින ඊටත් වඩා නරක ම තත්ත්වය වන්නේ සමාජය තුළ නැති ආගමික ගැටුමක් සමාජය තුළ ප‍්‍රදර්ශනය වන්නට ඉඩ සැලසීම ය.

ආසන්නතම උදාහරණය ලෙස විල්පත්තුවේ සිද්ධිය සඳහන් කළ හැකි ය. මෙහි ගැබ්ව පවත්න්නේ සිවිල් තත්ත්තවයකි. ඒ, මිනිස් ජනපද බිහි කිරිමක් සම්බන්ධයෙනි. එම ක‍්‍රියාදාමය සිදුවන්නේ මහා පරිසර විනාශයක් සමගිනි. එමගින් මතුවන්නේ පාරිසරික සහ මානව සංස්කෘතියේ ගැටුම යි. එය පහසුවෙන් ම විසදාගත හැකි ඉතා සරල කාරණයකි. එහෙත් එය ගැටලූවක් සහ ගැටුමක් බවට පත්වන්නේ පරිපාලනයේ පවතින අක‍්‍රමවත් බව සහ දේපාලනඥයන්ගේ ආත්මාර්ථකාමිත්වය සහ අවස්ථාවාදිත්වය සමග ය. මෙහි දි විරෝධතාවය මතුවිය යුතුව තිබුණේ පරිසර සංවිධාන පෙරටු කරගත් සිවිල් සමාජයෙනි. එහෙත් සමාජයේ එවැනි සංවිධාන නොමැත. එසේත් නොමැති නම් එවැනි සංවිධාන දේශපාලනිකව වෙනත් මතයක ය. මෙහි දී ද යළි යළිත් ක‍්‍රියාත්මක වන්නේ ආගමික කණ්ඩායම් ය. එවිට එහි පිළිබිඹු වන්නේ ආගමික ගැටුමකි. අපි මෙම තත්ත්වය වටහාගත යුතු වෙමු. මේ මොහොතේ සැලකිය යුතු පිරිසක් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අදාළ කටයුත්තට මැදිහත් වී සිටිති. එහෙයින් සියලූ ආගම් වෙතින් කරන ඉල්ලීම වන්නේ: දේශපාලනය සඳහා අවශ්‍යය ගාමක බලවේග ආගමෙන් තොරව ගොඩනගා ගත යුතුය යන්න යි. ඒ සඳහා බලගැන්විය යුත්තේ සිවිල් සංවිධාන සහ මෙරට සමාජය යි. දැනට සිදුවන්නේ ආගමික සංවිධාන මගින් ම සිවිල් කටයුතු ද බාර ගැනීමකි. එහෙත් විය යුත්තේ සිවිල් සංවිධාන විසින් ආගමික ගැටලූ විසඳ ආගම සුරක්ෂිත කිරීම ය. දැනට සිදුවන ආගමික අවභාවිතාව නතර කළහැකි නම් රටේ ආගමික ගැටුම් සැලකිය යුතු ප‍්‍රමාණයක් අවසන් කළ හැකි බව පැහැදිලි ය.

බෞද්ධ භික්ෂුව දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්ව තිබෙන්නේ මෙම සමාජය තුළ සිවිල් ආයතන බිඳවැටීම හේතුවෙනි. එය ඓතිහාසිකව ම සිදුවන්නකි. උඩරට රාජ්‍ය බිඳ වැටුණ දා සිට මෙම තත්ත්වය උග‍්‍ර අතට හැරුණි. සමාජය තුළ පවත්නා අරාජික භාවයේ ප‍්‍රතිඵලය ආගමික දේශපාලනය යි. මෙම තත්ත්වය ආගමික වශයෙන් විශාල හානියකි. දෙවන කරුණ වන ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ කරුණු විමසා බලමු.

ජාත්‍යන්තර දේශපාලන ප‍්‍රවාහය

වර්තමානයේ ලෝක දේශපාලනයේ බලවතුන් ‘‘මෙසායා’’ සංස්කෘතියට අයත් පිරිසකි. මෙසායා සංස්කෘතිය යනුවෙන් මෙහි දී නම් කෙරෙන්නේ දේව නිර්මාණවාදය පදනම් කරගත් දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවන් විශ්වාස කරන ආගමික සංස්කෘතිය යි. මෙම සංස්කෘතිය ආරම්භයේ දීම දේශපාලනික ය. එය දේශපාලනයෙන් වෙන් කිරීම පහසු කටයුත්තක් නොවේ. එම අදහස යම් වෙනසකට ලක්කරන්නට ජේසුස් වහන්සේ උත්සාහ කළ ද එතුමා විසින් බිහි කරන ලද ආගමික සමාජය ද නොබෝ දිනකින් නැවත දේශපාලනයට නතු වූ ආකාරය ඉතිහාසය සාක්ෂි දරයි. මුස්ලිම් ආගමේ ආරම්භය ම දේශපාලනික ය. නබිතුමාගේ පුත‍්‍රයා දේශපාලනික නොවන ආධ්‍යාත්මික ආගමික නායකත්වයක් යෝජනා කළ ද එයටඑකඟතාව නොලැබිණි. මෙසායා සංස්කෘතියේ නිවුන් සහෝදරයන් වන මෙම ආගම් ද්විත්වය එනම් ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් ලෝක බල ආධිපතයය වෙනුවෙන් සියවස් ගණනාවක සිට අරගලයක නියුතුව ඇත. එහි දී එකෙක් අනෙකා පරයා නැගී සිටින්නට දරන වෑයම සුළුපටු නොවේ. ඒ වෙනුවෙන් කළ යුද්ධ ප‍්‍රමාණය ද සුළුපටු නැත. එහි දී භූමිය සහ ජන සංඛ්‍යාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් දෙපිරිස ම තරගකාරිව කටයුතු කරති. එ’නිසා නිරන්තරයෙන් අන්‍යයන් ගේ භූමිය කඩා වැදීම් සිදු කරති.

බටහිර යුරෝපය තුන්වන ලෝකයේ රටවල්වල ආගමික කණ්ඩායම් ව්‍යාප්ත කළේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවලට අනුව ය. පසුව නව යටත්විජිත යුගයේ නව වාමාංහික ව්‍යාපාරවලට එරෙහිව ආගමික කණ්ඩායම් යෙදෙව්වේ ය. සීතල යුද්ධය අවසන් වීමත් සමග ම මොවුන් ආගමික කණ්ඩායම් උපයෝගි කරගන්නේ මුස්ලිම් බලයට එරෙහිව ය. මුස්ලිම් බලවතුන් ද වර්තමානය වන විට එයට සමාන්තර තරගයකට ප‍්‍රවිශ්ට වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලොව පුරා මුස්ලිම් සංවිධාන බිහි වෙමින් පවතී. ලංකාව තුළ තෙලෙයිබාන්, අයි. සි. සී. හෝ බොකෝහරාමි සංවිධාන ක‍්‍රියාත්මක වන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එහිදී බටහිර නව ආකාරයකට සිතන බවක් දක්නට ඇත. ඒ, මුස්ලිම් බලයට එරෙහිව නව සතුරන් නිර්මාණය කිරීම ය. ඒ වෙනුවෙන් ආසියාව තුළ පවතින බෞද්ධාගමික කණ්ඩායම් උපයෝගි කර ගැනීම ද සිදුවෙමින් පවතී. වර්තමානයේ දි ආසියාවේ ක‍්‍රියාත්මක වන මුස්ලිම් බෞද්ධ ගැටුම බිහිවන්නේ මෙම උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මෙම කරුණු සැලකිල්ලට ගත් විට පැහැදිලි වන ප‍්‍රධාන කරුණ වන්නේ ආගම් ලෙස අපි කෙතෙරම් දේශපාලන අර්බුදයකට ගොදුරු වී ඇතිද යන්න ය.

මෙම පටලැවිල්ලෙන් මිදිමට නම් අවංක ප‍්‍රතිපදාවකට ප‍්‍රවිශ්ට වන්නට සිදුවීම අනිවාර්ය කටයුත්තකි. එහි දී මෙරට සියලූ ජනවර්ග ‘‘අපි මේ රටේ පුරවැසියෝ ය’’ යනුවෙන් සිතිය යුතුව ඇත. මෙය ‘‘මහ ජාතිය’’ මෙන් ම සුළු ජාතින් ද එකට සිට එක සිතුවිල්ලකින් කටයුතු කළ යුතු මොහොතකි. යම් ආකාරයකින් සුළු ජනවර්ගවලට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලූ මතුවුව හොත් ඔවුන් බාහිර උපකාර පැතීම නොවැළැක්විය හැකි ය. එය බාහිර සතුරන්ට කදිම අවස්ථාවක් වනු නොඅනුමාන ය. එහි දී රටක් වශයෙන් සහ ලාංකීය ජාතිය වශයෙන් අපිට කිසිඳු යහපතක් සිදු නොවන අතර සිදුවන්නේ බරපතල ව්‍යසනයකට මුහුණපෑමට ය. 

එමෙන් ම මෙහි දී සිවිල් කටයුතු, සිවිල් කටයුතු ලෙස ම පිළිගන්නට සියලූ ම ආගම්වලට සිදුවන අතර එකී සිවිල් කටයුතු සඳහා ආගම පටලවා නොගන්නට ද සියලූ ආගමික පාර්ශවයන් වගබලා ගත යුතු ය.

ආගම දේශපාලනයට බද්ධවීමේ විපාක

එය එසේ නොව, ආගම් දේශපාලනයට බද්ධ විය යුතු යැයි කිසිවකු පවසන්නේ නම් පෙරළා ප‍්‍රශ්න කළ යුත්තේ වර්තමානයේ ලංකාවේ ක‍්‍රියාත්මක වන ආගමික සංවිධාන අතුරින් දේශපාලනයට සහ ආගමික සංස්කෘතියට සුදුසු කුමන ආගමික සංවිධානය ද යන්න ය. මෙහි දි හෙළි කළ යුතු ප‍්‍රධාන කරුණක් ඇත. එනම් කුලවාදය යි. විශේෂයෙන් ම බෞද්ධ සංඝ සමාජය තව දුරටත් පවතින්නේ කුවාදය ආරක්ෂා කරන පදනමක සිට ය. හින්දුන් සුළුතරයක් ලෙස සිටිද්දී පවා තමන් ගේ ජනවර්ගයට අයත් තවත් කොටසක් නීච කුල හිනයන් ලෙස සලකා කටයුතු කරයි. ඇතැම් කුලවල පුද්ගලයන්ට කොවිල් තුළට ඇතුල්වීම පවා තහනම් කොට ඇත. මුස්ලිම් ආගම ද කිසිඳු මානව අයිතිවාසිකමක් තුට්ටුවකට මායිම් නොකරන තත්ත්වයට පත්ව ඇත. එය භියකරු අන්තවාදය දක්වා ගමන් කරමින් සිටී. සාම්ප‍්‍රදායික ක‍්‍රිස්තියානිය ගෝත‍්‍රවාදය ආරක්ෂා කරන අතර නව ක‍්‍රිස්තියානි සංවිධාන ද ආක‍්‍රමණකාරි වැඩ පිළිවෙළවල් ක‍්‍රියාත්මක කරමින් සිටිති. මෙබඳු දුර්වල සහ නොදියුණු ලක්ෂණ සහිත ආගමික සංස්කෘතියකට රටකට රාජ්‍යයකට හිතකර දේශපාලනයක යෙදෙන්නට හැකිද යන්න සලකා බැලිය යුතු ය. එකී වැඩ පිළිවෙල සහ සංවිධාන කිසිසේත්ම දේශපාලනයට නුසුදුසු බව මේ වන විට ඔවුනොවුන් ම ප‍්‍රත්‍යක්ෂ කර හමාර ය.

ආගමික සහ වාර්ගිකත්වය අනුව හිතන, වැඩ කරන පිරිසක් රටක් ලෙස මෙම දූපත පිළිබඳ හෝ එහි වෙසෙන සියලූ ජන කොටස් පිළිබඳ කෙසේ නම් සිතන්න ද? අපි අතීතය තුළ ජීවත් වනවා හැර අනාගතය ගැන සිතන්නේ ද? බෞද්ධයාගේ රාජ්‍ය වන්නේ පහළොස් වන සියවසින් පසු බිහි වන උඩරට රාජ්‍යය යි. එහි අංගෝපාංග සහිතව ම ඔහු මේ රට ගැන සිතයි. ජාතික කොඩියේ වර්ණ තීරු දෙක ඉවත් වන්නේ මෙම සංකල්පය හේතුවෙනි. ඒ ඔවුන් රට පිළිබඳ සිතන පතන ආකාරය යි. ද්‍රවිඩයන් සිහින මවන්නේ රටේ මුල්ලක තමන් ගේ ම වූ රාජයයක් බිහිකර ගැනීමට ය. එහි දී වෙනත් ජන වර්ග පිළිබඳ හෝ වෙනත් ආගම් පිළිබඳ ප‍්‍රතිපත්තියක් ඔවුනට අවැසි නොවේ. ඒ පිළිබඳ වැඩි දුර පැහැදිලි නොකරන්නේ ඔවුන්ගේ හැසිරීම අපි හොඳින් අත්දැක ඇති බැවිනි. මුස්ලිම් ජනතාව සිතන්නේ වරායවල් සහ වෙළෙඳ මාර්ග පිළිබඳ පමණි. ඉන් ඔබ්බට විහිද ගිය වෙනත් සමාජ අවශ්‍යතා සහ ගැටලූ කෙරෙහි ඔවුන් ගේ අවධානය යොමු වී නොමැත. අවම වශයෙන් සංවේදි වන්නේ ද නැත. සාහිත්‍යය සහ කලා ක්ෂේත‍්‍රය තුළ ඔවුන් නොමැති තරම් ය. ක‍්‍රිස්තියානි සමාජය කල්පනා කරන්නේ 1948 පෙර පැවති සමාජ සංස්කෘතිය පිළිබඳව ය.

මේ අතරතුර අපගේ රටේ ජනතාව නොසිතන ම කරුණු මෙලෙස ගොනු කළ හැකි ය.

මෙම දූපතේ වපසරිය වර්ග කි: මී: 65,610.00කි. එහි දෙකෝටියක මානව ප‍්‍රජාවක් ජිවත් වෙති. ඊට අමතරව සුවිසල් ජෛවගහනයක් පවතී. මෙම දූපත තුළ පවතින සම්පත් මොනවා ද? එම සම්පත් කළමනාකරණය කරගන්නේ කෙසේ ද? මෙහි ජිවත් වන මානව ප‍්‍රජාවට දිනකට ආහාර ටොන් කොපමණක් අවශ්‍ය ද? එම ප‍්‍රමාණයෙන් කොපමණ ප‍්‍රමාණයක් මෙරට නිෂ්පාදනය කර ගත හැකිද? කෙතරම් ප‍්‍රමාණයක් ආනයනය කළ යුතු ද? ඔවුන්ගේ ආයුෂ ප‍්‍රමාණය කෙතරම් ද? ඔවුන් ගේ මානසික සුවය සහ සෞඛ්‍ය තත්ත්ව පවතින්නේ කුමන තත්ත්වයක ද? මෙරට පවතින සංස්කෘතික තත්ත්ව ආරක්ෂා කරගන්නේ කෙසේ ද? ලෝක ප‍්‍රජාව අතර අපිට හිමිව ඇති ස්ථානය කුමක් ද? යන මෙකී කරුණු කිසිවක් කෙරෙහි මේ ආගමික සහ දේශපාලනික කණ්ඩායම් අවධානය යොමු කරන බවක් දක්නට තිබේ ද?

සත්‍යය, සත්‍යය ලෙස පිළි නොගැනීම

අපිට අවශ්‍යව ඇත්තේ යහපත් සමාජයකි. මේ ස`දහා පැමිණි මග අතර ඒ සඳහා ආගම දායකත්වයක් සපයා ඇති බව නොරහසකි. ඒ පිළිබඳ තර්ක විතර්ක අනවශ්‍ය ය. එහෙත් ඇතැම් අවස්ථාවන්හි දී එකී ආගම ම රටේ, ජනතාවගේ ප‍්‍රගතියට බාධා පමුණුවා නැද්ද? සැබැවින් ම බාධා පමුණුවා ඇත. මෙය මගේ පුද්ගලික අදහසක් නොව ඉතිහාසය පුරා ම සිදුවන්නකි. අනාගතයේ ද සිදුවන්නේ ය. ප‍්‍රංශයේ වහල් වෙළෙ`දාම තහනම් කිරීම ලෝක ඉතිහාසයේ සිදු වූ සුවිශේෂ ම සිදුවීමකි. එහෙත් එකී යෝජනාව කරළියට පැමිණෙන්නේ ආගමික සංවිධාන අතරින් නොව වෙනත් සිවිල්, සහ ප‍්‍රජා සංවිධාන තුළිිනි. පුදුමයකට මෙන් මොසෙස් ගේ දරු මුනුබුරන් එයට එරෙහි පිලේ සිට කටයුතු කළේ ය. ඉතිහාසයේ මෙබ`දු සිදුවීම් බහුල ය. එම සත්‍යය, සත්‍යයක් ලෙස බුද්ධිමත්ව පිළිගන්නා ආගමික කණ්ඩායමක් වේ ද එකී ආගමික කණ්ඩායම්වලට ලෝක ප‍්‍රජාව ගේ යහපත උදෙසා යමක් කළ හැකි ය. එසේ නොවන්නේ නම් එම කණ්ඩායම උරුම කරගන්නේ කෞතුකාගාරවල ප‍්‍රදර්ශන කුටි පමණි. ඒ අපේක්ෂිත වඩාත් යහපත් සමාජය තුළ ආගමට විශාල කාර්ය භාරයක් පැවරී ඇත. ඒ ස`දහා අවැසි ප‍්‍රතිපාදන ආගමික ඉගැන්වීම් තුළ අන්තර්ගතව ඇත. අපි පළමුවෙන් ම අමතක කර දමා ඇත්තේ එකී කොටස යි. එ’නිසා අපි, යළිත් ‘‘අපි අවදි කරගත යුතු ය’’ යන්න සිහිපත් කර ගත යුතුව ව ඇත.

 

සටහන ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Wednesday, 20 May 2015 09:43

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us