ජගත් මනුවරණට රූපවාහිනී තහංචියක්

Published in කලා
Monday, 14 July 2014 11:52

පසුගියදා පැවැත්වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ජැක්සන් ඇත්නනි දිනාගන්නා ලදි. ඒ අප්පච්චි ටෙලි නාට්‍යයේ රංගනය සඳහාය.



එහෙත් එම තේරීම වැරදි බවත් සම්මානය හිමිවිය යුත්තේ බොරළු පාර නාට්‍යයේ රංගනය වෙනුවෙන් තමාට බවත් රංගන ශිල්පී ජගත් මනුවර්ණ අභියෝග කර සිටියි.

මෙලෙස අභියෝගය කරමින් ඔහු විනිශ්චය මණ්ඩලයට බැණ වැදුණු බවත් පැවසේ. එම බැණ වැදීම නිසා විනිශ්චය මණ්ඩලය ඔහු කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බව නොරහසකි.

මේ නිසා ඇති වී ඇති අලුත්ම තත්ත්වය නම් ජගත් මනුවර්ණට නිල නොවන මට්ටමේ රංගන තහංචියක් පැනවී ඇති බවයි.

ජගත් මනුවර්ණ ටෙලි නාට්‍ය සඳහා තෝරා නොගත යුතු බව සියළු නාලිකාවන්ට දැනුම්දී ඇති අතර ඉදිරි කාලයේ පැවැත්වෙන සම්මාන උළෙලවලදී තම නාලිකාවේ විකාශය වන නාට්‍ය සඳහා සම්මානය නොලැබෙතැයි යන බියෙන් මෙම නිලනොලත් තහංචිය ක්‍රියාත්මක කිරීමට රූපවාහිනී නාලිකා කටයුතු කර ඇතැයි පැවසේ. 

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us