පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට කොස්තාපල්වරුන් දක්වා කිසිවකුටත් මින් ඉදිරියට තම ගමේ පොලිසියට, බිරිඳගේ ගමේ පොලිසියට හෝ ගමට ආසන්නතම පොලිසියට සේවය කිරීම සඳහා ඉඩ නොදීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

අද තද වැසි

Published in පුවත්
Tuesday, 26 March 2024 07:37

දකුණු පළාතේත්, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (26) මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රාජ්‍ය සේවකයින්ට වැඩි කළ රුපියල් 10,000ක දීමනාව සහිත අප්‍රේල් මස වැටුප ලබන 10 වැනි දා ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

බස් වල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ නිරත, ගැබිණි කාන්තාවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් රාගම තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙක් පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

රේගුවේ සිරවී තිබූ බහාලුම් සියල්ල නිදහස් කර ඇති බැවින් ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමක් සිදුවන බව කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති නිලුක්ෂක කුමාර මේ බව සදහන් කලේය.

ld add copy

Connet With Us