දුල්මාට ගහන කොට පරණවිතානට ද ඇඬෙන්නේ?

Published in Gossip
Thursday, 14 July 2016 12:32

ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේවන සමාගමක් වන ලංකා පුවත් ඒජන්සියේ සිදුවෙමින් තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා පිට චෝදනා පසුගිය රාජපක්ෂ සමයේ පටන්ම එල්ල වූවද වත්මන් යහපාලනයෙන්ද ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීම වලක්වනු ලබමින් තිබෙන බව වාර්තාවේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්  නිතීඥ  නිමල් බෝපගේ  විසින් ඔහුට මෙම අයතනයේ පරිපාලන අධ්‍යක්ෂකවරිය වන දුල්මා චාරුණී කන්දරාමගේ හා සභාපතිවරයා ලෙස කටයුතු කරන නන්ද මුරුතෙට්‍ටුවගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ලැබී තිබු පැමිණිලි අනුව ඊයේ සවස අමාත්‍යංශ විගණන නිළධාරීන් ලංකා පුවත් ආයතනයට යොමු කර හදිසි පරිකෂාවක් සිදු කිරීමට ගත් උත්සාහය එම මොහොතේ ඉහළින් ආ අණක් පරිදි නවතා දැමිම සිදුව ඇත.

එහිදි වෙනත් ගැටලු කාරිත්වයක් ඇති විය හැකි බැවින් එම පරීක්ෂණ නවතා දමා ආපසු යන ලෙස එම නිළධාරීන්ට දැනුම් දි තිබේ. ඒ වෙනත් ගැටළුව කුමක්ද යන්න අනාවරණය නොවේ. ඒ අනුව පරික්ෂණ නවතා දමා ගොස් ඇත. නමුත් එම සුළු පරීක්ෂණ කාලය තුලදී පවා මෙහි පරිපාලන අධයක්ෂකවරිය විසින් සිදු කරනු ලැබූ නීති විරෝධි කටයුතු කිහිපයක් ගැන තොරතුරු හෙළිදරව් වී ඇත. එමෙන්ම ආයතන සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු පරික්ෂා කිරීමේදී දුල්මා විසින් විසින් මාධ්‍යවේදින් ලෙස එම ආයතනයට අනුයුක්ත කර සිටින තරුණයන් දෙදෙනෙකු කිසිසෙත්ම මාධ්‍ය ආයතනයක සෙවයට නුසුදුස්සන් බවත් ඔවුන් දෙදෙනා විවාහ මංගල්‍ය ඡායාරුප ශිලිපීන් බවත් හෙලිව තිබේ. එම කටයුතු සඳහා ලංකා පුවත් ආයතනයේ කැමරා හා වීඩියෝ උපකරන ‍රැගෙන යාමත් ඡායාරූප සංස්කරණය සදහා ලංකා පුවත් ආයතනේ පරිගනක යොදාගෙන තිබෙන බවත් අනාවරණය වී තිබේ. ඒ අතර සභාපතිවරය හා පරිපාලන අධ්‍යක්ෂකවරියගේ කාමරයද පරික්ෂාවට ලක්කරමින් සිටියදී ඉහලින් ආ අණ මත ඒ නවතා දමා ඇත.

කෙසේ නමුත් මේ ඉහළින් ආ අණ කාගෙන්ද යන්න අනාවරණය නොවේ. එහෙත් දුල්මා පසුගිය දින කිහිපය මුලුල්ලෙ ආයතන සේවක සේවිකාවන් හට පවසා තිබුනේ කවුරු මොනවා කළත් කරූ පරණවිතාන තමාව බේරාගන්නා බවය. මේ සිදුව තිබෙන්නේ ඒ බේරා ගැනිමද යන්න අපි දන්නෙ නැත. කොහොම නමුත් අද දිනයේදී දුල්මා දින 14 ක නිවාඩු ලබා ගොස් ඇත.

අප විසින් මීට පෙර මෙම අයතනය සම්බන්ධයෙන් පල කළ පුවතින් පසුව අප ඇමැතූ නන්ද මුරුතෙට්‍ටුවගම අප වෙතින් ඉල්ලා සිටියේ මින් පසුව එම අයතනය ගැන පුවතක් පළ කරන්නෙ නම් ඒ ගැන ඔහුගෙන්ද විමසන ලෙසය. ඒ අනුව අප ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට ගත් උත්සාහය හරි ගියෙ නැත. ගුවන් විදුලි සංස්ථා සේවිකාවක පැවසූවේ ඔහු මිට දින කිහිපයකට පෙර දින 14 ක නිවාඩුවක් ලබා ගොස් ඇති බව ආරංචි බවය.

සැබැදි පුවත්

දුල්මා ගයන්තවත් අන්දලා

ගුවන් විදුලි සභාපති, ඇයට මෙච්චර සලකන්නේ ඇයි ?

'ලංකා පුවත් ආයතනය' නන්දෙටත් ගොඩගන්න බැරි හැඩයි. රාජපක්ෂ පිල්ලි බලවත් වෙයි 

දුල්මාගේ 'ලංකා පුවත්' , ඒ මහින්දට හා අර මහින්දට ඕනෑ හැටියටයි

Leave a comment

ld add copy

Latest News

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාර...

Connet With Us