මහින්දගේ අැගිල්ල බේරා ගැනීම සටන

Published in පාඨක මත
Tuesday, 28 July 2015 15:55

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මහින්ද රාජපක්ෂ මහතාගේ අත මිරිකූ චමින්ද නැමති පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන හමුවක වේදිකාව මතදී රාජපක්ෂ මහතාගෙන් සමාව ගෙන අැති පුවතක් අසන්නට ලැබුණි.

පසුගිය දිනක අකුරැස්ස රැස්වීමේදී ජනතාව අතරින් වේදිකාව කරා ගමන් කළ මහින්දගේ අත අල්ලා ගත් පාක්ෂිකයාට මහින්ද වියරුවෙන් මෙන් දගලා පහර දීමට තැත් කළ අාකාරය අප දුටුවෙමු. පසුව ඔහු නොයෙක් කතා ගොතමින් තම හැසිරීම සාධාරණීකරණය කරන්නටද උත්සාහ දැරෙව්ය.

එහෙත් තමාගේ අතින් ඇද්ද පමණින් ජනතාවට පහර දෙන්න යන සැටියක් නම් අපි මිට පෙර දැක නැත්තෙමු. අප දැක ඇත්තේ තවත් අත හොඳින් අල්ලන්නට ඉඩදී, පිටටත් තට්ටුවක් දමා, විහිලුවක්ද කර, දරුවෙක් සිටි නම් සුරතල් කර සිනා මුසු මුහුණින් රඟපාන මහින්දයි.

දැන් දැන් කොයි මෙහොතේත් නොසන්සුන්ව සිටින මහින්ද රාජපක්ෂගේ මෙම හැසිරීම නිසා බොහෝ පාක්ෂිකයන්ද සිය අප්‍රසාදය පළ කළ අාකාරය දක්නට ලැබුණි.

එදා මහින්දගේ අත අල්ලද්දී වියරැවෙන් දැගලූ මහින්දට එම පාක්ෂිකයා බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ජන හමුව අතරතුර බුලත් අතක්දී සමාව ඉල්ලා අැත. සිදුවූ සිදුවීම නිසා හිටපු ජනාධිපතිවරයාට සිදුවූ අපහසුතාව ගැන ඔහු කණගාටුව පළ කළේය. පොදු ජනතාව තමන්ගෙන් විපතක් සිදු නොවීත් අපේ නායකයා කියා සමාව ඉල්ලා සිටීමට තරම් අව්‍යාජය.නමුත් මහින්ද වැනි පාලකයෙකු එම සිදුවීම පවා දකිනු අැත්තේ වාසි සහගත අැසකින් මිස තමාගේ අාදරණීය පාක්ෂිකයෙක් ලෙස නම් නොවේ. මෙම පුද්ගලයාව බෙලි අත්තේ රැස්වීමට ගෙන ඒමට මහින්ද පාර්ශවයේ පිරිසක් ඉදිරිපත්ව කටයුතු කළ බවටද සැලවේ. ඒවා කෙසේ වූවත් මහින්දගේ අැගිල්ල බේා ගැනීම හා ජාමෙ බේරා ගැනීමට මහින්දවාදීන් උත්සුක වෙමින් සිටී.

බොහෝ දෙනා මොහු බුලත් අතක් රැගෙන සමාව අයදීමට පැමිණිවිටද බියපත්ව අැත්තේ දැන් කුමක් කරයිද කියාය.නමුත් කල් වේලා අැතිව සිදුවීම දැන සිටි මහින්ද බුලත් අත රැගෙන පැමිණෙන අපේක්ෂකයා පැමිණෙන තුරු නොයිවසිල්ලෙන් බලා සිටියේය.ඒ අැගිල්ල බේරා ගැනීමේ සටන නිසා අැතිවූ අවනම්බුව යන්තම් හෝ පහව යනු අැතැයි සිතාය.

එම පාක්ෂිකයා රාජපක්ෂ මහතා ඒ සිදුවීම ගැන මෙසේද පැවසුවේය "ඊයේ මගේ අතේ එල්ලුනා ආදරේට, බීලද කොහෙද හිටියේ, හොද ශ්‍රී ලංකා කාරයෙක්, ඇවිල්ල ඇගිල්ල අල්ලපු විදිහට තව ටිකෙන් මගේ ඇගිල්ල කැඩෙනවා, මම ඉතින් මෙහෙම කරලා තල්ලු කළා, තල්ලු කරන්නේ නැතුව එකේ එල්ලිලා මගේ ඇගිල්ල කඩාගන්නද"

මැදමුලන රාජපක්ෂගේ සැබෑ ස්වරුපය මෙයයි.අකුරැස්ස සිදුවූ සිදුවීම මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේම එසේ කීවේය. දැන් සිනහ මුසුව තම අැගිල්ල කඩා ගන්න අාවායැයි පැවසු පුද්ගලයාගෙන් බුලත් හුරුල්ලද ගෙන කටපුරා සිනහ වෙයි. අප කීර්තිය සමනය වුණා. යන්තං ශේප් උනා යැයි මහින්ද සිතන්නට අැත.රට නිදහස් කරගත් සංවේදී අප්පච්චි අද වැටී ඇති තත්වය මෙබදුය.

එහෙත් ඔහුට අාදරය ගෞරවකළ පාක්ෂිකයෙකුට එම අවස්ථාවේ හා ඊට පසුව ඒ සිදුවීම විස්තර කරද්දීද ඔහු හැදින්වූ විලාසය සහ දැන් බුලත් හුරුල්ල ගෙන දැක්වූ රැගුම නම් හරිම අපූරුය. මේ මැතිවරණයේදී මහින්දලා සිදු කරන්නේ රටට පණ දීම කෙසේ වෙතත් ජනතාවගේ ගෙල මිරිකීම බව නම් අනිවාර්යය.ඔහු සිදු කරමින් සිටින්නේ ඒ උදෙසා වන රංගනයේ අදියරයන්ය. මහින්ද අකුරැස්සේදී රග දැක්වූ අැගිල්ල බේරා ගැනීමේ සටන ඉදිරි අදියරයන් දක්වා පැමිණ අැත.අපට නම් අැත්තේ මහින්දගෙන් රට බේරා ගැනීමේ දෙවන අදියරයි.

ඔබගේ බොරු පාපොච්චාරණවලට හා මෙම රංගනයන්ට මොළේ කලඳක් වත් නැති සුළු පිරිසක් රවටා ගත හැකි වනු අැත. නමුත් මහින්දගේ අැගිල්ලට ,පවුල් පානයට වඩා අපට වටින්නේ රටයි.නිදහසයි.ප්‍රජාතත්ත්‍රවාදයයි.


විදර්ශනී ඒකනායක

1

Leave a comment

Connet With Us

       Google+