තහනම්..!

Published in පාඨක මත
Monday, 27 July 2015 13:29

ආදම් සහ ඒව

කෑව නේද අර ගෙඩිය

ඒ වගේ නොවේ මැ යි මේ ගෙඩිය..

නමින් එය හොර ගෙඩිය...

අධිවේග කොමිස් ටික

වරායේ පගා ටික

මත්තලින් ජරාවක් ලෙස

පීදුණේ කුමක් ද?

ඒ තමා හොර ගෙඩිය..

 

අර සැප ද මේ සැපද

දරුන්ටත් සැණකෙළිය

බත්බැලව් එක පොදියෙ

කෑව කෑවා රටක අසිරිය..

උන් හොරා කෑවේ රට්ටුන්ගෙ දිවි සැරිය..

 

කෑ උන් අපාරයි

ජනවාරි 8 දා කුජීතයි

ලැජ්ජාව නැති හේමයි

යළිත් එන්නට වළිය බෝමැ යි..

ඉඩක් දෙන්නට නාකයි

කුරු ගලේ පහරනු නියතයි

වන්දි භටයෝ පෙරේතයි

හයිනා සතුන් සේ - කුණු මසට ලෝබයි..

 

පරදමු අපි යළිත්.. ඔව්.. යළි යළිත්

හොරුන් නම් එපා අයෙත්

මහ තොවිලෙ රට හදන

අගෝ 17 සූදානම්..

කියමු අපි හොරුන්ටත් -හොරුන්ගෙන් හොරුන්ටත්

යළිත් මේ පිම් බිම (ප්‍රජාතන්ත්‍රවාදය)

පය තබනු තහනම්..

කියමු අපි එක හඩින්

නුඹලාට තහනම්...

 - අනුරසිරි හෙට්ටිගේ

Leave a comment

Connet With Us

       Google+