සුසිල්ලාගේ කදුළු කතාව අැරඹුනා පමණයි!

Published in පාඨක මත
Wednesday, 15 July 2015 20:08

සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අැතුළු පිරිස ජනපතිගේ ප්‍රකාශය නිසා කම්පාවට පත්ව ලතැවෙමින් කී නොයෙක් විධ වූ කතා රැසකි.අනෙක් අතට ජනපතිගේ ප්‍රකාශය නිසා ඔහුට මහින්දගෙන් ලැබුනේද දෝස්මුරයක්මය. කෙසේ වුවත් සුසිල්ගේ ඇස්වල කඳුළු බිමට පැන්නේ නැති ටික පමණය.

අනේකවිධ පීඩාවන් මැද සුසිල් අද කතාව අරඹමින් ප්‍රකාශ කරන ලද්දේ මෙවර උසස් පෙළ විභාග සමයේ මැතිවරණය පැවැත්වීම නිසා දරුවන්ගේ අනාගතය නොසලකා හැර ඇති බවයි.අගමැති බේරාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දරුවන්ගේ අනාගතේ නොසලකා හැර ඇති බවයි. මැතිවරණය නිසා විභාගය කල්යාම අප ද අනුමත නොකරමු. නමුත් දරුවන් ගැන කැක්කුමකින් අද කතා කරන පිරිස ගැන අප සිතා බැලිය යුතුමය. අපගේ සිතට නැගෙන ප්‍රශ්නය වන්නේ දරුවන් තියා සමස්ත රටේ මුලුමහත් ජනතාවම නොසලකා හැරි පාලකයෙක් වෙනුවෙන් කතා කරන සුසිල්ලාට ගානක් නැතත් මහින්ද රාජපක්ෂ සමයේ කටයුතු සිදුවූ අාකාරය අපට මෙන්ම මෙරට ජනතාවටද අමතකව නැත යන්නයි.ඒකාධිපති පාලනයකට නතුව ජනතාව ලැබූ පීඩනය අනන්තය.අපරිමානය.

ජනපති තුමා කළ ප්‍රකාශයෙන් සුසිල් ඇතුළු මහින්ද වාදීන් කම්පාවූයේය .නමුත් පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ කම්පාවට පත්වූ මාධ්‍යවේදීන් ,දේශපාලඥයන්, ක්‍රීඩකයන්, කාන්තාවන්, ළමුන් කොතරම්ද? අද වන විට පවතින වාතාවරණය හමුවේ මහින්දවාදීන් හැර වෙනත් කිසිවෙකු කම්පා නොවෙනවා ඇත. බහුතර ජනවරමක් ලබාදී මෙත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීමට සිය ඡන්දය පාවිච්චිකළ ජනතාව මේ අවස්ථාවේ සතුටු වනවා ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිවේදනය හමුවේ මහින්දවාදීන් කළ කිරුණද මෙරට ජනතාව ‍පත්ව සිටි දෙඩියාව යම් ආකාරයකින් හෝ සන්සිදුනි. තමන්ගේ ජනවරමෙන් රජවූ පුද්ගලයා දූෂිතයාගේ ජයග්‍රහණය උදෙසා පෙනී නොසිටීම ගැන සැනසුම් සුසුම් හෙළුවෝය. සුසිල්ට අනුව නම් ජනාධිපතිවරයාගේ කතාව අගමැති රනිල් වික්‍රමසිංහ බේරා ගැනීමේ කතාවක් යැයි හැදින්වීමේ වරදක් නැතත් ඊට වඩා මෙරට ජනතාවට තමාගේ ස්ථාවරය පැහැදිලි කරලීමේ අවස්ථාවක් ලෙස අප එය අගය කරන්නෙමු. ඊයේ දින ජනාධිපතිවරයා ගත් තීන්දුව ඓතිහාසිකය. ඒ මහ මැතිවරණයේදී පාක්ෂිකභාවය නොතකා මධ්‍යස්ථව සිටීමට ගන්න ලද තීන්දුවය.

සුසිල් පවසන පරිදි ලෝක දේශපාලනයේ පළවැනි වතාවට එක පක්ෂ නායකයෙක් තවත පක්ෂෙක නායකයකු බේරාගැනීමට කටයුතු කිරීමක් සිදුවී ඇත. පක්ෂ නායකයා බේරා ගැනීම යන සංකල්පයේ සිට කටයුතු කර දූෂිතයෙකුට සහාය දැක්වීම කල යුත්තක්ද? තම පක්ෂයේ කෙනෙක් වූවත් ඔහු දූෂිතයෙක් නම් ඔහුව බේරා ගැනීම වරදකි. මහින්ද රාජපක්ෂ පවසන පරිදි ඔහුට අද වැරදී ඇත්තේ දූෂිතයන් ආරක්ෂා කිරීම නිසාය.එසේනම් සුසිල් ඔබේ නායකයාම ප්‍රකාශ කළ දේ සිහිතබා ගන්නවා නම් හොදය.දූෂිතයෙකුට යටවී වරද්දා ගැනීම ඔබලා දැන් අරඹා ඇත. ජනාධිපතිකම උදෙසා මුළු මහත් ජනතාවකගේ අනාගතය උකස් කළේ හිටපු ජනාධිපතිවරයායි.ඒ පාපයට තවතවත් හවුල්ව බල්ලන් කපුටන් වන්නටම උත්සාහ දැරිය යුතුද?

දරුවන්ගේ අනාගතය පිළිබදව කතා කරන සුසිල්ලාගේ නායකයාගේ පාලන සමය තුළ ජඩකම්,බලුකම්,කුපාඩ්කම් සිදු කළ සියල්ලන්ව කිසිදු කරදරයක් නොකර ආරක්ෂා කළ දා මෙරට දරුවන් කීදාහක් අසරණ වන්නට ඇතිදැයි කල්පනා නොකළේද? රාජපක්ෂ විරෝධීන් ඝාතනය කරද්දී ,සුදුවෑන් වලින් පැහැරගද්දී පවුල් කීයක්නම් අසරණවන්නට ඇතිද?පියා අහිමිව දරුවන් අසරණවූයේය.මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීම තුළ සමස්ත දරුපරපුරම විනාශය කරා ගෙන යාමේ මංපෙත් විවර කළේය.මෙයින් රටේ දරුවන් ලක්වූයේ තර්ජනයකට නොවේද, මහින්ද තමන්ගේ දරුවන් හා තම පවුලේ දරුවන්ගේ අනාගතය ගැන සිතුවා මිස සුවහසක් දරුවන්ට පියෙක් වූයේ නැත.ඔවුන් අධිසුඛෝපභෝගී ජීවිත ගත කරද්දී මෙරට දරුවන් කී දාහක් සපත්තුජේඩුවක් නැතිව,පොත්පත් නැතිව,කුසට අහරක් නැතිව අසරණ වූවාද? නමුත් රාජපක්ෂ පුතුන් පරිහරණය කළේ උසස්ම තත්වයේ මිල අධික භාණ්ඩයන්ය. හිටපු ජනපති රාජපක්ෂ සුවහසක් දරුවන් ගැන සිතා කටයුතු කළා නම් අද ඔහුට කවුරුත් ගරුකරනු අැත.අාදරය කරනු අැත.නමුත් ඔහු දරුවන්ට අප්පච්චී කෙනෙක් වූයේ ප්‍රචාරණ දැන්වීම් උදෙසා පමණය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.

කෙසේ වෙතත් මේ වන විට අාරම්භව අැත්තේ මන්ද මාරුතයක් ද සැඩ සුළගක්ද යන්න තව ටික දිනකින් සුසිල් අැතුළු මහින්දවාදීන්ට අවබෝධ කර ගත හැකි වනු අැත.අවසානයේ අෙගාස්තු 17 වනදා හමායන සුළගින් දූෂිතයන් ගසා ගෙන යනු අැත.එය කෙසේ නම් වළකාලිය හැකිද?සුසිල් ඔබලා තවම කම්පාවිය යුතු නැත .මන්ද ඔබලා ගත් වැරදි තීරණය නිසා,වැරදි තෝරා ගැනීම නිසා වඩ වඩාත් කම්පා වීමට අවස්ථාව ඉක්මනින්ම උදාවන බැවිනි.එබැවින් කදුළු කතාවට තව දින ඉතිරිව අැති බව මතක තබා ගන්න.
‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

කාන්චනා කුමාරි

Leave a comment

Connet With Us

       Google+