රනිල්, මහ නාහිමිවරුන් බැහැදකි

Saturday, 19 July 2014 11:03

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් බැහැදුටුවේය.

ආගමික වතාවත් සිදුකිරීමට දළදාමාලිගාවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා එහි පැමිණසිටි බැතිමතුන් සමග සුහද පිළිසදරක ද යෙදුනේය.

දළදා මාළිගය වන්දනා කිරීමෙන් පසු ගැටඹේ රාජෝපවනාරාමය ද වැඳපුදා ගත් විපක්ෂ නායකවරයා, ගැටඹෙ විහාරයේ මහනායක කැප්පිටියගොඩ සිරි විමල හිමියන් බැහැ දුටුවේය.

එම අවස්ථාවන්හිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ ඉදිරි දේශපාලන කියාමාර්ග මහ නායක නාහිමිවරුන් හට දැනුම් දෙනු ලැබින.

මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක, හිටපු සභාපති මලික් සමරවික්‍රම ඇතුළු මහනුවර එජාප නායකයින් පිරිසක්ද සහභාගී වි සිටියහ.

ඊයේ පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත කෙටි ප‍්‍රකාශයක් කල විපක්ෂ නායකවරයා, පළාත් සභා මැතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පැවැත්වීමේ අවශ්‍යතාවය මහ නාහිමිවරුන්ට පැහැදිලි කල බව සඳහන් කළේය.

එසේ නොමැතිව මැතිවරණ වරින් වර පැවැත්වීම සංවර්ධන සංග‍්‍රාමයට ද බාධාවක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

"පළාත් සභා ඡන්ද දෙවතාවක් තිබ්බාම, අවුරුද්දෙන් මාස 5 ක් ගිහින් තියනවා ඡන්ද වලට.... කොහොමද අපේ රට දියුනුවෙන්නේ.... මම නම් යෝජනා කරන්නේ පාර්ලිමේන්තු ඡන්දයයි ඒ වගේම පළාත් සභා ඡන්දයයි එක දිනය තියන්න.... " ඔහු වැඩිදුරටත් පැවසිය.

ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

RW Kandy 1

 

RW Kandy 2

RW Kandy 3

RW Kandy 4

RW Kandy 5

RW Kandy 6

RW Kandy 7

RW Kandy 8

RW Kandy 9

RW Kandy 10

RW Kandy 11

RW Kandy 12

RW Kandy 13

RW Kandy 14

RW Kandy 15

RW Kandy 16

RW Kandy 17

RW Kandy 18

RW Kandy 19

RW Kandy 20

RW Kandy 21

RW Kandy 23

RW Kandy 24

RW Kandy 25

Last modified on Saturday, 19 July 2014 15:12

Leave a comment

Connet With Us